රමියාත් එක්ක මනස්කාන්ත සංචාරේ යන කෝච් සුපුන්

151

අදටත් කකුල් මාට්ටු වැටෙනවා

සුපුන් පෙරේරා” එහෙමත් නැත්නම් කෝච් සුපුන් ද වොයිස් වැඩසටහන හරහා බොහොම ජනප්‍රිය චරිතයක් වුණා. සුපුන් සහ රමියා එකතුවෙන් බිහිවුණ ‘මනස්කාන්ත සංචාරේ. ගීතය මේ දිනවල සෝෂල් මීඩියාවල කතාබහට ලක්වෙනවා. කවුරුත් නොදන්නවා වුණත් මේ ගීතයේ තියෙන්නෙ වෙනස්ම ඉලක්කයක්ලු. මේ ඒ ගැන සුපුන්ගේ අදහස.

සුපුන්” කොහොමද මනස්කාන්ත සංචාරේ?

මේකෙන් කියවෙන්නෙ අපි හැමෝම යායුතු මනස්කාන්ත සංචාරයක් ගැන. ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම්වල වගේම යූ ටියුබ් නාළිකාවෙත් හොඳට දුවනව. ඒ වගේම මගෙයි රමියගෙයි කොම්බිනේෂන් එක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා. තරගය තුළ දැකපු මේ දේ නිර්මාණයක් තුළින් දකින්නත් ඔවුන් බලාපොරොත්තු වුණා. ඒ ඉල්ලීම ඉටුකිරීමත් එක අරමුණක් වුණා මනස්කාන්ත සංචාරේ ගීතය හැදෙන්න.

රමියාත් එක්ක මනස්කාන්ත සංචාරේ යන කෝච් සුපුන්

මේ යෝජනාව ගේන්නෙ කවුද?

ඇත්තම කිව්වොත් මේ යෝජනාව ගෙනාවෙ රසිකයො. තරගය තුළත් අපි එවැනි දේවල් කතා වුණානෙ. ඊට අමතරව අපි සහභාගි වුණ වැඩසටහන්වලදි නිවේදක නිවේදිකාවො ඇහුවා මෙහෙම වැඩක් කරමු නේද කියල. අපිත් ඉතිං එහෙනම් කරමු නේද කියල කතා වෙලා තමයි මේ නිර්මාණය කළේ.

රූප රචනාවත් ටිකක් වෙනස්?

රමියගෙ ලොකු විෂන් එකක් තියෙනව ලංකාවේ ටුවරිසම්වලට රෙගේ මියුසික් යොදාගෙන යමක් කරන්න. ඒක ඉලක්ක කරගෙන තමයි අපි අලුත්ගම” බෙන්තොට” වක්වැල්ල සහ උණවටුන වගේ ප්‍රදේශ රූපරචනාව සඳහා තෝරාගත්තෙ. විදේශීය ෆෑන් බේස් එකකට මේ විෂුවල් එක එක්ස්පෝට් කරගන්න පුළුවන් වුණොත් අපේ සංචාරක කර්මාන්තයට මොකක්ම හරි හොඳක් වෙයි කියන අදහස රමියාට තියෙනව.

රමියාත් එක්ක මනස්කාන්ත සංචාරේ යන කෝච් සුපුන්

දැන් කොහේද රමියා?

රමියා නිතරම මාත් එක්ක ඉන්නව. ප්‍රසංගවලට ඉදිරියේදී විදේශ සංචාර කිහිපයක්ම තියෙනව. ඒවාට මමත් මගේ සංගීත කණ්ඩායමත් එක්ක සහභාගි වෙනව. රමියාගේ බෑන්ඩ් එකේ වැඩවලදි මමත් ඉන්නව. ඒ වගේ හරි සුහදව කටයුතු කරනව. මම රෙගේ ආටිස්ට් කෙනෙක් නෙමෙයි. නමුත් මම රෙගේ සිංදුවක් කරනව. රමියාගෙන් ඒ ආභාෂය එනව.

රමියාගේ ශෛලිය ඔබට නොගැලපෙන බව හිතිල නැද්ද?

අද වෙනතුරු මට එහෙම හිතිල නැහැ වගේම කවුරුවත් කියලත් නැහැ. බොහෝවිට මට ඕනෑම ආරක ගීතයක් ගායනා කරන්න පුළුවන්. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. රෙගේ ස්ටයිල් එක ගත්තොත්” මම බොබ්මාලේගෙ හොඳ ෆෑන් කෙනෙක්. මගේ රෙගේ ස්ටයිල් එකටත් බොහෝ දෙනෙක් කැමති ඇති.

රමියාගේ දක්‍ෂතාව ඔබ දකින්නෙ කොහොමද?

තරගය තුළ අපි රෙගේ ස්ටයිල් එකත් එක්ක රමියාගෙ දක්‍ෂතාව දැක්ක. ‘මනස්කාන්ත සංචාරේ. ගීතයේ මෙලඩි එක කළේ මම. මේකෙ වචන ටික ලිව්වෙ රමියා. මේ වචන ඇතුළෙ කියවෙන කතන්දරයක් තියෙනව. ඒක ඔයාලට දකින්න පුළුවන්. හොඳ දර්ශනයක් තියෙන” හොඳ අනාගතයක් තියෙන තරුණයෙක්. රමියා නිකම්ම නිකන් සිංදු කියන කෙනෙක් නෙමෙයි” හොඳ අනාගතයක් තියෙන කලාකරුවෙක්.

වොයිස් වැඩසටහනට සම්බන්ධ වීමත් එක්ක සුපුන්ට වෙනස් හැඩයක් ලැබුණද?

ඔව්” වෙලාවකට මට හිතෙනව සුපුන් පෙරේරා කියන සංනාමය අභිබවා කෝච් සුපුන් නාමය ප්‍රචලිත වෙනවද කියල හිතෙනව. තරගකරුවන් පමණක් නෙමෙයි” වොයිස් වැඩසටහන වටා එකතු වුණ රසික කැල මහ පුදුම විදිහට මට ආදරය කරනව වගේම ගෞරව කරනව. ඒ මම තරගකරුවන් එක්ක ගනුදෙනු කළ විදිහ නිසා කියලයි මට හිතෙන්නෙ.

රමියාගේ ගමෙන් ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔවුන් මට කතාකරන්නෙත් කෝච් සුපුන් කියල. අලුත්ගම ප්‍රදේශය දැන් මගෙත් ගම වගේ.

සංගීත කණ්ඩායමේ වැඩකටයුතු?

මගේ සංගීත කණ්ඩායම ‘ජර්නි.. එහි වැඩකටයුතු හොඳින් කරගෙන යනව. සැප්තැම්බර් මාසයේ ඕස්ටේ්‍රලියා සංචාරයක් තියෙනව.

ඔබේ අලුත් ගීතය?

මගේ අලුත් ගීතය කරල ඉවරයි. මේ දවස්වල ඒකට මියුසික් වීඩියෝ එකක් කරන්න සැලසුම් කරනව. අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල රිලීස් කරන්න බලාපොරොත්තු වෙනව.

ප්‍රසංගවලට ලැබෙන ආරාධනා?

ප්‍රසංගවලට ආරාධනා අඩුවක් නැතිව ලැබෙනව. මේ දිනවල ඉවෙන්ට්ස් ගොඩක් තියෙනව. අපිටත් අඩුවක් නැතිව ආරාධනා ලැබෙනව. බෑන්ඩ් එකත් එක්ක වගේම සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහටත් මම ඒවාට සහභාගී වෙනව.

කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැද්ද?

ලබන අවුරුද්දදෙ ඉඳන් මගේ බෑන්ඩ් එකත් එක්ක සෝලෝ කොන්සර්ට් එකක් පටන් ගන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

‘ජර්නි. තරගයට සූදානම්ද?

‘ජර්නි. කියන්නෙ වෙනස්ම ජර්නි එකක් යන බෑන්ඩ් එකක්. අපේ සැලසුම වෙන්නෙ ඉදිරියේදී ගීත එක්කම ඉදිරියට එන්න. අපි ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ශබ්දය වෙනස්කරමින් යන ගමනක ඉන්නෙ.

මේ ගමනට බාධක තියෙන්න ඇති?

ඒවා නම් අඩුවක් තිබුණෙ නැහැ මුල්කාලෙ ඉඳන්ම. අදටත් නොඅඩුව තියෙනව. නමක් හදාගෙන ඉදිරියට එද්දි මුල් කාලෙ තරම්ම බාධක නැති වුණත් අදටත් කකුල් මාට්ටු එහෙම තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment