චීන පොහොර සමාගම පැලෑටි නිරෝධායනයෙන් ඩොලර් මිලියන 8ක් වන්දි ඉල්ලයි

167

අහිතකර බැක්ටීරියා අඩංගු බවට චෝදනා එල්ලවී ඇති චීන කාබනික පොහොර සමාගම ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා පැලෑටි නිරෝධායන ආයතනය වෙත එන්තර වාසියක් යවා ඇත.

තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එම සමාගම ශී‍්‍ර ලංකා ජාතික පැලෑටි නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්‍ෂවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇතැයි වාර්තා වේ.

අහිතකර බැක්ටීරියා අඩංගු බවට චෝදනා එල්ලවීම නිසා ප‍්‍රතික්‍ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැුගත් .්‍යෂඡුඡුධ ීඡුෂඍෂඔ. නමැති නෞකාව මේ වනවිට කළුතර-බේරුවල මුහුදු සීමාවේ නැංගූරම්ලා ඇති බවද වාර්තා වේ.

මෙම නැව සම්බන්ධයෙන් හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා කියාසිටියේ සේවා සැපයුම් සපයා ගැනීම සඳහා නැවට කොළඹ වරායට පැමිණිය හැකි වුවත් කාබනික පොහොර ගොඩබෑමක් සිදුකළ නොහැකි බවයි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment