ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ගැන අනතුරු අඟවති

114

ඉදිරි කාලය තුළ ඩෙංගු රෝගය අධිවසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ ට පැවසීය.

පවතින වැසි සමඟ අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්වන බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ උපුල් රෝහණ මහතා මෙසේද කියා සිටියේය.

“ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා. මේ සම්බන්ධයෙන් අපි මහජනතාවට අනතුරු අඟවනවා. මහජන මුදල් විනාශ කරමින් ඩෙංගු මර්දන ඒකකය කටයුතු කරන බව පෙනෙනවා. ඩෙංගු රෝගීන් වැඩිවෙන කොට ඩෙංගු වැඩි වෙනවා කියන්න ඩෙංගු මර්දන ඒකකයක් අවශ්‍ය නැහැ. ඩෙංගු මර්දනය සඳහා බිම් මට්ටමේ ඉඳලා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”

වසරේ ගත වූ මාස 4 තුළ ඩෙංගු රෝගීන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment