වෙසක් සතියට තැබෑරුම් – මස් මාළු වෙළෙඳසල් දින 3 ක් වැසේ

103

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලු සුරාසල් දින තුනක් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම දින තුන තුළ මාංශ වෙළෙඳසල් ද වසා තැබේ.

මේ අනුව වෙසක් පොහෝ දින, පසුදින සහ ඊටත් පසු දින (05, 06, 07) සුරාසල් වසා තැබෙන අතර බලපත්‍ර නීති උල්ලංඝනය කරන ස්ථාන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඒ මහතා දිවයින පුරා සුරාබදු ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇත.

වෙසක් සතිය නිමිත්තෙන් මාංශ වෙළෙඳසල් ද මැයි 05, 06, 07 දිනවල වසා තබන ලෙස ද රජය දැනුම්දී ඇත.
චමින්ද සිල්වා – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment