අද කොළඹ ආරක්‍ෂාවට පොලිසියේ 3500 ක්

82

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් අද (01 වැනිදා) කොළඹ නගරයේ පැවැත්වෙන මැයි රැලි හා පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3500 දෙනකු රාජකාරි සඳහා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට පැවසීය.

එම නිලධාරීන් රථවාහන රාජකාරි කටයුතු සහ එම මැයි දින රැලිවල ආරක්‍ෂාව සඳහා යෙදවීමට පියවර ගන්නා බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද කියා සිටියේය.

“කොළඹ, නුගේගොඩ, මහනුවර, හැටන් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැලි පැවැත්වෙනවා. කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින රැලිවල ආරක්‍ෂාව හා රථවාහන ගමනාගමනය සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමු කර තියෙනවා. ඒ වගේම අනෙකුත් ප්‍රදේශවල ජනතාව, වෘත්තීය සමිති එකතු වෙලා මැයි දින රැලි හෝ පෙළපාලි පවත්වනවා නම් ඒ පළාත්වල ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවධානය යොමු කර ඒවාට අවශ්‍ය ආරක්‍ෂාව සහ ඒ පෙළපාලි ගමන් කිරීමට අවශ්‍ය පහසුව ගැන සොයා බැලිය යුතුයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment