අයිසීසී ලෝක කණ්ඩායමට ඩිල්ශාන් මධුසංඛත්

141

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ ද ඇතුළත් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙනවා.

ක්‍රීඩකයන් 11 දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය ඉන්දීය ක්‍රීඩක රෝහිත් ෂර්මාට පවරා ඇත.

ඉන්දීය ක්‍රීඩකයන් 06 දෙනකු ලෝක ශූර ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් දෙදෙනකු නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත්ය.

අයිසීසී විසින් නම් කරන ලද

එම කණ්ඩායම

  1. ක්වින්ටන් ඩි කොක් (කඩුලු රකින්නා) (දකුණු අප්‍රිකාව) – ලකුණු 594.
  2. රෝහිත් ශර්මා (නායක) (ඉන්දියාව) – ලකුණු 597.
  3. විරාට් කෝලි (ඉන්දියාව) –

ලකුණු 765.

  1. ඩැරල් මිචෙල් (නවසීලන්තය) – ලකුණු 552.
  2. කේ. එල්. රාහුල් (ඉන්දියාව) –

ලකුණු 452.

  1. ග්ලේන් මැක්ස්වෙල් (ඔස්ටේ්‍රලියාව) – ලකුණු 400ක් සහ කඩුලු 06.
  2. රවින්ද්‍ර ජඩේජා (ඉන්දියාව) –

ලකුණු 120ක් සහ කඩුලු 16.

  1. ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව) –

කඩුලු 20.

  1. ඩිල්ෂාන් මධුසංඛ (ශ්‍රී ලංකාව) – කඩුලු 21.
  2. ඇඩම් සම්පා (ඔස්ටේ්‍රලියාව) –

කඩුලු 23.

  1. මොහොමඩ් ෂාමි (ඉන්දියාව) – කඩුලු 24.
    කුෂාන් සුබසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment