ඔස්ට්‍රේලියාවේ පළමු ජය “දිවයින” වාර්තා කළ අයුරු

397

ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය ඔක්තෝම්බර් 15 වැනිදා ලක්නව් නුවර එකානා ක්‍රිකට් පිටියේදී ඔස්ට්‍රේලියාව එම ජයග්‍රහණය ලැබූ අතර ඊට පෙර තරග දෙකේදී ලෝක කුසලානයක් දිනීමට තරම් නොවන ආකාරයේ දැවැන්ත පරාජයන් දෙකක් ඔවුහු ලබා සිටියහ. ඒ ඉන්දියාව ට එරෙහිව කඩුලු 5 කින් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 134 ක් ලෙසිනි. අනතුරුව පැවැති තරගයේදී ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණය ලැබූ අතර ඒ පිළිබඳව ඔක්තෝම්බර් 16 වැනිදා “දිවයින” ක්‍රීඩා පිටුව වාර්තා කර තිබූ අයුරු මෙහි දැක්වේ. එම තරග ජයග්‍රහණයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව කිසිදු තරගයක් පරාජයට පත් නොවිණි. නතර වුණේ කුසලානයත් දිනලාය.

advertistmentadvertistment
advertistmentadvertistment