ඉන්දියාවේ සැලසුම් ඔවුන්ටම පාරාවළල්ලක් වුණා – රිකී පොන්ටින්

12097

ඉන්දියාව විසින් සිදුකළ තණතීරු සැකසීම අවසානයේ ඔවුන්ටම පාරාවළල්ලක් වූ බව හිටපු ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින් පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඔස්ටේ්‍රලියාව කඩුලු 6ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ඔහු මේ කරුණු අවධාරණය කර තිබේ. ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලානය සත්කාරක රට ජයග්‍රහණය කිරීම සඳහා පරිපූර්ණ ලෙස සකසා ඇති බවක් පෙනෙන්නට තිබුණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග කාලසටහන සහ භාවිතා කරන ලද තණතීරු පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දොස් නැගුවේ නැති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසා තිබිණි. ක්‍රිකට් විස්තර විචාරයේදී අදහස් දක්වමින් පොන්ටින් පැවසුවේ තණතීරු තේරීම නිසාම “ඉන්දියාව පසුබෑමකට ලක් වූ” බවයි.

හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් ඔස්ටේ්‍රලියානුවන්ගේ ජයග්‍රහණය ගැන පැවසුවේ මෙසේය. “පැට් කමින්ස් පැවසූ දේ හරියටම කළා, ඔවුන් ඉන්දියාව නිහඬ කළා. ප්‍රේක්ෂකයන් කට වහගත්තා පන්දු ඕවර 43 කදී ඔස්ටේ්‍රලියාව ඉලක්කය කරා යන විට තරගය අවසන් වේ යැයි සිතූ කිසිවෙක් හිටියාද කියලා මම දන්නේ නැහැ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment