ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් කරයි: නායකත්වය දුලානිට

143

ශ‍්‍රී ලංකා සත් සාමාජික කාන්තා රග්බී පාපන්දු කණ්ඩායමේ නායකත්වයට දුලානි පල්ලේකොන්දගේ නම් කර තිබේ.

ශ‍්‍රී ලංකා යුද හමුදා සේවයේ නියුතු ඇය ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග මාලාවන් කිහිපයකටම සහභාගී වෙමින් අත්දැකීම් ලද කී‍්‍රඩිකාවකි.

මේ අතර වාරයේ ආසියානු සත් සාමාජික කාන්තා රග්බි පාපන්දු තරගාවලියට සහභාගී කරවන ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා ජාතික රග්බි පාපන්දු කණ්ඩායම ප‍්‍රකාශයට පත් කිරීමට ජාතික රග්බි පාපන්දු තේරීම් කමිටුව පියවර ගත්තේය. ඒ අතර ජාත්‍යන්තර අත්දැකීම් ලාභීනියන් 11 දෙනකු සිටීම මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවන්නට හේතුවකි.

නාවික හමුදාවේ සේවයේ නියුතු ඩිලානි පොල්හේවගේ
පළමු වරට ශ‍්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමට කැඳවා තිබීම ද මෙවර කැපී පෙනේ.

මාසයකට ආසන්න කාලයක් තිස්සේ අගනුවර දී ක‍්‍රියාත්මක කරන ලද පුහුණු සංචිතය ආශ‍්‍රිතව ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන ඇත.

මෙවර ආසියානු ශූරතා කාන්තා සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලිය නොවැම්බර් 19 සහ 20 යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඩුබායිහිදී ක‍්‍රියාත්මක කෙරේ.

ශ‍්‍රී ලංකා කාන්තා සත් සාමාජික කණ්ඩායම

දුලානි පල්ලෙකොන්දගේ (නායිකාව),

දෙනෙති ඩිලානි කාංචනා, නිපුනි රසාංජලී, නිමේශා විජේවර්ධන, ජයන්ති කුමාරී දිල්රුක්ෂි, උමයංගනා තත්සරණි, තීක්ෂණා ලියනගේ, අනූෂා තුෂාරී සමරවීර , නදීකා දිනේෂිකා මුණසිංහ, අයේෂා පෙරේරා, ඩිලානි පොල්හේවගේ සහ අනූෂා අත්තනායක.

අතිරේක ක‍්‍රීඞීකාවන්

ක‍්‍රිෂ්ණා කුමාරී, ශානිකා ඩිලානී, හේෂානී අනුත්තරා සහ සංජීවනී පෙරේරා.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment