මාස දෙකට දැරියන් 299ක් අපයෝජනය වෙලා

113

දැරියන් 299 දෙනකු ගතවූ මාස 02 ඇතුළත අපයෝජනයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

ඒ අතරින් දැරියන් 32 දෙනකු ගර්භණි භාවයට පත්ව ඇතැයි ද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියාය.

සැප්තැම්බර් මාසයේදී අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනකු ළමා ස්ත්‍රී දූෂණයට ලක්ව තිබෙන බව ද ඇය කියා සිටියාය.

ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් බොහෝ දෙනකු දූෂණයට ලක්ව ඇති බව ද ඇය කීවාය.

ඔක්තෝබර් මාසයේදී පමණක් 131 දෙනකු ළමා ස්ත්‍රී දූෂණයට ලක්ව ඇතැයි ද ඇය සඳහන් කළාය.

එසේම ගැහැනු පිරිමි දරුවන් 48 දෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි ද ඇය කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment