මීවනපලානේට දැඩි පියවර

178

බුද්ධ චරිතය හා ත්‍රිපිටකගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතල ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නිරතව සිටින බවට චෝදනා ලැබ සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමැති භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටියි.

ඒ පිළිබඳ සොයා බැලීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා එම කටයුතු පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරති.

එමෙන්ම මෙම සිදුවීමට අදාළව මේ වන විට රජය ගෙන ඇති පියවර පිළිබඳ ඉදිරියේදී බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට ද නියමිතය.

ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නිරතව සිටින බවට චෝදනා ලැබ සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින අයගේ සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකායෙන් නෙරපා හැර ඇති අයෙකි.

රාජ්‍ය අස්ථාවර කිරීමේ දීර්ඝකාලීන කුමන්ත්‍රණයක මෙම පුද්ගලයා නිරතව සිටින බව මේ වන විට අනාවරණය වී තිබෙන බව තෛනිකායික මහා සංඝරත්නය විසින් රජය දැනුවත් කර තිබේ.

එමෙන්ම බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු සංවිධාන ගණනාවකින් ද මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment