විශ්වවිද්‍යාල දරුවන්ගේ ණය ක්‍රමයේ මතුව ඇති මූල්‍ය ගැටලු විසඳනවා-අගමැති දිනේෂ් ගුණවර්ධන

76

රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම් සලසා දීම ඉතා වැදගත් බවත්, තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී එම අවස්ථාව වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 23 දින ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොළී රහිත ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නිකුත් වී නොමැති බව පවසමින්, අදාළ ප්‍රශ්නය මතු කෙරිණි.

පක්ෂ නායකතුමා සඳහන් කරපු කාරණය සම්බන්ධව අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කලින් ද පැහැදිලි කළා, මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අවධානය අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ගෙනල්ලා මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියා මාර්ගය දැනට සාකච්ඡා කරලා ක්‍රියාත්මක වෙනවා.

මම අධ්‍යාපන ඇමැතිවරයා කාලයේ සිහිපත් කරන්න කැමතියි, බොහොම කෙටි කාලයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම අපි දුන්නා. එවැනි ප්‍රමාණයන් වැඩි කිරීමට පියවර ගත්තා. ඒ නිසා මම හිතන්නේ විශ්වවිද්‍යාලයට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් මේ පහසුකම සලසා දීම. මූල්‍ය ක්‍රමයේ තිබෙන ගැටලු විසඳා ගනිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

අකිත පෙරේරා , රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment