ඇෆ්ගනිස්තානයේ පුද්ගලයන් සිවු දෙනකු වෙඩි තබා මරා එල්ලයි

722

ඇෆ්ගනිස්තානයේ ‘‘හෙරට්” නගරයේ සිටි පුද්ගලයන් පැහැරගන්නන් වශයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් සිවු දෙනකු වෙඩි තබා මරා ඔවුන්ගේ මළ සිරුරු නගරයේ මහජන පෙදෙස්වල ප‍්‍රදර්ශනය සඳහා එල්ලීමට තලිබාන් පාලකයන් විසින් පියවර ගෙන තිබේ.

මෙම භයංකර සිදුවීම සිදුව ඇත්තේ තලිබාන් සංවිධානයේ ප‍්‍රසිද්ධ නිලධරයෙකු නැවත වරක් ඇෆ්ගනිස්තානයේ වධ හිංසා දී මරා දැමීම් හා අත් පා කපා දැමීම වැනි දරුණු දඬුවම් ලබා දීම අරඹන බවට ප‍්‍රකාශ කර දිනක් ගත වීමෙන් පසුවය.

මරා දමා මහජන ප‍්‍රදර්ශනය සඳහා එල්ලා ඇති පුද්ගලයන් සිවු දෙනා ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ පුත‍්‍රයා පැහැරගෙන යෑමේ චෝදනාව මත වෙඩි තබා මරා දැමූ බව තලිබාන් රජය නිවේදනය කර ඇත. මෙසේ මරා දැමුණු පුද්ගලයන්ගේ මළ සිරුරු දොඹකරයක් (ක්රේන්) මාර්ගයෙන් ‘‘හෙරට්” නගරය මධ්‍යයේ එල්ලා ඇති බව වාර්තා වී තිබේ. හෙරට් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාර මවුල්වයි ශයිර් පවසා ඇත්තේ මරා දැමූ පුද්ගලයන් සිවු දෙනාගේ සිරුරු මහජන ප‍්‍රදර්ශනයට තබා ඇත්තේ පුද්ගලයන් පැහැරගැනීමේ ක‍්‍රියාවන් තවදුරටත් අධෛර්යයට පත් කිරීම සඳහා බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment