ත්‍රිරෝදය උස්සන්න යද්දී වැඩේ ගැස්සිලා

4589

පලාගිය සැකකරුවන් පසුපස පොලිසිය හඹායති

කුලී රථ ගමනක් යන මුවාවෙන් පැමිණ ත්‍රිරෝද රථ රියැදුරුට පහරදී ත්‍රිරෝදයක් පැහැරගෙන යෑමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

හැටන් නගරයේ ත්‍රිරෝද රථ ගාලක් වෙත පැමිණ ඇති පුද්ගලයකු තමන්ට හැටන් සිට වටවල දක්වා යෑමට අවශ්‍ය බව පවසා සැකකරු ත්‍රිරෝද රථයට පෙරේදා (22 දා) පස්වරු 4.00 ට පමණ ගොඩවී ඇත.

ත්‍රිරෝදය හැටන් සිට වටවල දක්වා ධාවනය කරන අතරතුරදී හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය පසුපසින් පැමිණි තවත් ත්‍රිරෝදයක් ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝදය හරස් කර ඇත.

එම අවස්ථාවේ කුලී ත්‍රිරෝද රථයේ පසුපස ගමන් ගත් සැකකරු රියැදුරා සමග පොර බැදීම නිසා ත්‍රිරෝදය ප්‍රධාන මාර්ගය අභියස පෙරළී ඇත. එහිදී පෙරළුන ත්‍රිරෝදය හරස්කළ ත්‍රිරෝදයේ නැඟී සැකකරුවන් පලාගොස් තිබිණි.

පලාගිය සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හැටන් පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනයකදී අනාවරණය වී ඇත.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment