ඊටීඑෆ් ලොක්කා ගැන පරීක්ෂණයක් කරන්න: වෘත්තීය සමිති අගමැතිගෙන් ඉල්ලයි

183

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ඉහළම නිලධාරියෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වෘත්තීය සමිති අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

එකී නිලධාරියා සිය මණ්ඩලයට බඳවාගෙන ඇත්තේ ද බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් බවත් එකී පත්වීම මේ දක්වා මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර නොමැති බවත් වෘත්තීය සමිති අගමැතිවරයා වෙත ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ලේ දැක්වෙයි. මණ්ඩලයේ සේවකයන්ට ලබාදීම සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් මිල ගණන් කැඳවා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 290 කට අධික ප්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කර තිබියදී එම නිලධාරියා පත්වීමෙන් පසුව ගිවිසගත් මුදලට වඩා ඉතා ඉහළ මිලකට පරිගණක යන්ත්‍ර 90ක් මිලදී ගෙන ඉන් අයථා ලෙස මුදල් උපයා ඇති බවත් සිය ඥාතියකු පරිගණක අංශයේ ඉහළ නිලයකට පත්කරගෙන ඇති බවත් වෘත්තිය සමිති සිය පැමිණිල්ල මගින් අගමැතිවරයාට දැනුම්දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment