දයාගේ පැමිණීමෙන් සජබ කැළඹෙයි

1102

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා හදිසියේම සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

දයා රත්නායක රාජපක්‍ෂ හිතවාදියකු බවත් එවැනි අයකු පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමට පෙර පක්‍ෂයේ කළමනාකරණ කමිටුවෙන් හෝ මතය විමසිය යුතුව තිබූ බවත් සජබ ජ්‍යෙෂ්ඨයෙක් කීය.

එවැනි අය පක්‍ෂයට සම්බන්ධ කර ගන්නේ නම් ඔවුන් පිළිබඳව අනිවාර්යයෙන් ම පසු විපරමක් කළ යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

දයා රත්නායක මහතා පක්‍ෂයට පැමිණ තිබෙන බව පක්‍ෂයේ වගකිවයුතු ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද දැනගෙන ඇත්තේ මාධ්‍ය මගින් බවද කී ඉහත ජ්‍යෙෂ්ඨයා එවැනි මතභේදාත්මක පුද්ගලයකු පක්‍ෂයට පැමිණීමට පෙර ජ්‍යෙෂ්ඨයන්ගෙන් මතය විමසිය යුතුව තිබූ බව ද කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment