ගැබිණි මව්වරුන් 500 කට කොවිඩ්

106

කොවිඞ් ආසාදනය වූ ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාවේ ශීඝ‍්‍ර ඉහළ යෑමක් දක්නට ඇති බවත්, මේ වනවිටත් කොවිඞ් ආසාදනය වූ ගැබිනි මව්වරුන් 500කට අධික පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට ඊයේ (04 දා) පැවසුවාය.

මීට අමතරව ඩෙංගු වැලඳුණු ගැබිනි මව්වරුන් ද රැසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව ද ඇය සඳහන් කළාය.

කොවිඞ් වසංගතය ආරම්භ වූ 2020 මාර්තු සිට මේ දක්වා වූ කාලයේ ගැබිනි මව්වරුන් දොළොස් දහසකට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි ද ඇය සඳහන් කර සිටියාය.

එසේම මෙම කාලයේදී කොවිඞ් වැලඳී අසාධ්‍ය වූ ගැබිනි මව්වරුන් 60 දෙනකුට අධික පිරිසක් මියගොස් ඇති බව ද ඈ සඳහන් කළාය. එමෙන්ම මේ දිනවල උණ සෑදුණු විගසම රෝහල්ගත වන්නැයි ඇය සියලුම ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment