සජබ ප්‍රා සභා මන්ත්‍රීවරයෙක් ට වෙඩි තබයි

249

සමගි ජනබලවේගයේ රත්ගම ප්‍රාදේශීය සභා අපේක්ෂක සහ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී දුලාජ් තරංග මහතාට ඊයේ දහවල්(17) යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සීනිගම දේවාලය ආසන්නයේදී වෙඩි තබා බරපතළ තුවාල සිදු කොට ඇති බැව් මිටියා‍ගොඩ පොලිසිය පවසයි. ප්‍රාදේශීය සභා අපේක්ෂක වරයා සිය කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මොහුට වෙඩි තබා ඇත.මොහුගේ උරහිස හා පපු ප්‍රදේශවලට වෙඩි වැදී ඇති බව පොලිසිය පවසයි .වෙඩි වැදීමත් සමග ප්‍රාදේශීය සභා අපේක්ෂක වරයා සිය මෝටර් රථය පදවාගෙන හික්කඩුව පොලීසියට පැමිණ මේ බව දැනුම් දී ඇත.පසුව 119 ගිලන් රථයකින් මොහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමට හික්කඩුව පොලිසිය මගින් පියවර ගෙන ඇත. තුවාලකරුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. . පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී වෙඩි උණ්ඩ තුනක් හමු වී ඇත. විමර්ශන කටයුතු සදහා පොලිසිය විසින් සි.සි.ටි. වි කැමරා වල දර්ශන පරික්ෂාකිරිම සිදුකොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment