දෙදෙනකුට වෙඩි තබයි

196

මිනුවන්ගොඩ, බොර‌ගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.පොලීසිය සඳහන් කළේ ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතබා ඇති බවය.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මිනුවන්‌ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරුකර යවා ඇත.වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment