ඉන්දියාවේ මුහුදු ආහාර අපනයනය ඉහළ යයි

354


2022-/23 දී ඉන්දියාවේ මුහුදු ආහාර අපනයනය ඉහළම මට්ටමට ළඟා වී ඇතැයි අනාවරණය වී ඇත.එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 8.09ක වටිනාකමකින් යුත් මුහුදු ආහාර ටොන් මිලියන 1.7ක් අපනයනය කර ඇතැයි ඉන්දීය වානිජ හා කර්මාන්ත අමාත්‍යංශය පවසයි. මෙසේ අපනයනය කරන මුහුදු ආහාර අතර ශීත කළ කූනිස්සන් සඳහා වැඩි ඉල්ලුමක් ඇතැයි ද පවසයි.මෙම මහුදු ආහාර ආනයනය කරන ප්‍රධාන රටවල් දෙක වනුයේ ඇමෙරිකාව සහ චීනයයි.මෙම ශීත කළ කූනිස්සන් අපනයනය මගින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 5481,63ක් බවද සඳහන් කරයි.දෙවැනි විශාලතම අපනයන මුහුදු ආහාරය වී ඇත්තේ මාළුය.ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 687,05ක ආදායමක් ලබා ඇත. ඇමෙරිකාව සහ චීනයට අමතරව මෙම ඉන්දීය මුහුදු ආහාර අපනයනය කරන සෙසසු රටවල් වන්නේ යුරෝපය සහ ගිණිකොන දිග ආසියානු රටවල්ය.ඉන්දීය මුහුදු ආහාර අපනයනයේ විශාලතම වෙළෙඳ පොළ ඇත්තේ ගිණිකොන දිග ආසියානු කළාපයේය.

advertistmentadvertistment
advertistmentadvertistment