සැපයුම් නිලධාරි රිමාන්ඩ් – ඉමියුනොග්ලොබියුලින් ගබඩාව මාසයක් වහලා

510

වෛද්‍ය සැපයුම් අංශයේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධයට අදාළ අංක 06 ගබඩාව මසක පමණ කාලයක සිට වසා දැමීමෙන් අධි සංවේදී ඖෂධ විනාශවීමේ තර්ජනයක් මතුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියා සිටී.

ප්‍රශ්න සහගත, ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට අදාළ සැපයුම් භාර නිලධාරියා මසක පමණ කාලයක් රිමාන්ඩ් ගතව සිටීම හේතුවෙන් අදාළ සැපයුම් භාර ගැනීමට වෙනත් නිලධාරියකු පත්කිරීමට පියවර නොගැනීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම සංගමය සඳහන් කරයි.

ගබඩා අංක 6යෙහි තබාගත යුතුව ඇති ඉමියුනොග්ලොබියුලින්, ප්‍රති සර්ප විස එන්නත්, ඇල්බියුමින්, ඇනොක්සිපාරින් වැනි අති සංවේදී ඖෂධ අනිවාර්යයෙන් ශීතදාම තුළ කළමනාකරණය කළ යුතු වුවත් ඇතිව ඇති තත්ත්වය හේතුවෙන් එම ඖෂධවල ගුණාත්මක බවට සහ කාර්යක්‍ෂමතාවයට හානිකර බලපෑම් මතුව ඇතැයි ද එම සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා පෙන්වා දෙයි.

වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයකු පත්කර සිටියදී ඔහු පවතින ගැටලු වෙනුවෙන් නිසි මැදිහත්වීමක් මේ දක්වා සිදුකර නැතැයි ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment