කුකුළු මස් කිලෝව රු. 800ට දෙන්න – කථානායක

241

කුකුළු මස් කිලෝවක් රුපියල් 800ක් වැනි මුදලකට ලබාදීමට හැකියාව පැවතියත් අද වනවිට එහි මිල තව තවත් ඉහළ ගොස් තිබීම ගැන තමාට කනගාටු යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පාරිභෝගික අධිකාරියේ බලතල හමුදාවට ලබාදෙන්නේ නම් ජනතාව මෙවැනි ගසාකෑම්වලට ලක් නොවන බව ද කතානායකවරයා පැවසීය.

මේ වනවිට වෙළෙඳපොළේ සියලු ආහාර ද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර රුපියල් 800ට ලබාදීමට හැකි බව පැවසූ කුකුළු මස් කීලෝවක් රුපියල් 1200ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment