උඳුවප් මහේ සිනමා වසන්තය…

84

මේ සීතල උඳුවප් මාසයයි. ඉතිං මේ උත්සව සමයට හැමෝම වගේ උත්සව සංවිධානය කරනවානේ. සිංහල සිනමාවට ආස කරන ආදරය කරන ඔයාල වෙනුවෙන් ම ඊඒපී මාධ්‍ය ජාලය ඔයාලට ‘සැවෝයි සිනමා වසන්තය අභිනව මහා තිර මංගල්‍යය’ ලෙසින් සිනමා උළෙලක් සංවිධානය කරලා තියෙනවා. එළැඹෙන 14 වැනිදා ඉඳලා තමයි මේ වැඩේ ආරම්භ වෙන්නේ.

ලංකාවේ පළමු වතාවට චිත්‍රපට හතරක් මෙම සිනමා උළෙලේ දී ඔයාලට නැරඹිය හැකිය. ඒ අනුව දේවින්ද කෝන්ගහගේ ගේ නාට්ටාමි ආමි, ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල්, ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ මේක පුදුම කතාවක්, ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ තාත්තා චිත්‍රපට හතර නැරඹීමට හැකියාව උදාවී තිබේ. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ චිත්‍රපට හතරේ ම මංගල දර්ශනවල දී ප්‍රේක්ෂක ඔයාලටත් නළු නිළියන් අධ්‍යක්ෂවරුන් එක්ක ම මේ චිත්‍රපට නරඹන්න පුළුවන් වීමයි. ඒ අනුව එළැඹෙන 14 වැනිදා දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ නාට්ටාමි ආමි චිත්‍රපටය එහි රඟපාන අමිත්ත වීරසිංහ, ජයනි සේනානායක, කුමුදු නිශාන්ත, සනත් විමලසිරි, මිහිර සිරිතිලක, ලක්ෂාන් වාත්තුහේවා, වජිර කොඩිතුවක්කු, සෙනෙවි සිටුබණ්ඩාර ඇතුළු නළු නිළියන් රැසක් එක්ක නරඹන්න අවස්ථාව උදා වෙනවා. නාට්ටාමි ආමි නිෂ්පාදනය කපුටා ටීවී ආයතනයයි.

උඳුවප් මහේ සිනමා වසන්තය…

15 වැනිදා ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දිල්හානි ඒකනායක, රොජර් සෙනෙවිරත්න, ජගත් චමිල, ශ්‍යාම් ප්‍රනාන්දු, රුක්ෂාන්ත පෙරේරා, සමන්ත කුමාර ගමගේ, චමින්ද බටුකොටුව, ශිරන්ත ප්‍රේමවර්ධන, නයනා රඹුක්කනගේ ඇතුළු නළු නිළියන් රැසක් සමග මේ චිත්‍රපටය ද නැරඹීමට පුළුවන.

උඳුවප් මහේ සිනමා වසන්තය…

16 වැනිදා ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ සුනිල් ටී. නිෂ්පාදනය කළ ‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටයේ රඟන චිලී තිලංක, තුෂාණි දිනුෂිකා, කැළුම් ශ්‍රී, රජිත රොඩ්රිගෝ, කාංචනා ඛාන්, ටෙඩී විද්‍යාලංකාර ඇතුළු නළු නිළියන් රැසක් සමග ද,

උඳුවප් මහේ සිනමා වසන්තය…

17 වැනිදා ප්‍රසාද් සමරතුංග තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ රුෂාන්ත විජේනායක නිෂ්පාදනයෙන් දායක වුණ තාත්තා සිනමා පටයේ රඟන කුමාර තිරිමාදුර, නිල්මිණී තෙන්නකෝන්, තිසෙව් සත්සිළු, ඔනෙලි හිමංසි, කුෂේයා අනගි, රුෂාන්ත විජේනායක ඇතුළු නිළු නිළියක් රැසක් සමගින් වැල්ලවත්ත සැවෝයි ප්‍රිමීයර් සිනමාහලේ දී මේ සියලුට චිත්‍රපටවල රාත්‍රී 7.00ට මංගල දර්ශනය ඔයාලට බලන්න පුළුවන් වෙනවා. එදාට ඔයාලට නළු නිළියෝ සමග සෙල්ෆි ගහන්නත්, කතා කරන්නත් පුළුවන් වෙනවා. ඉතිං සිනමාවට කැමැති ඔයාල වෙනුවෙන්ම සැවෝයි සිනමා වසන්තය අභිනව මහා තිර මංගල්‍යය සැවෝයි මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර තිබේ.

උඳුවප් මහේ සිනමා වසන්තය…

වර්තමානයේ බොහෝ විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය ජාලා තුළින් නිතර අසන්නට, දකින්නට ලැබෙන්නේ මෙරට ළමා පරපුර ශීඝ්‍රයෙන් විවිධ මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇති ආකරයත්, ඉන් නොනැවතී විවිධ අපචාරයන්ට ඔවුන් ගොදුරුවීමත්, විවිධ ඇබ්බැහි ිවීම හේතුවෙන් ළමා වියේ දීම සිය දිවි නසා ගැනීමේ වැනි ප්‍රවෘත්තිය, මත් රකුසා විසින් ගමත් නගරයත් එකසේ ආක්‍රමණය කර ඇති බැව් පැහැදිලි කරුණකි. මත්ද්‍රව්‍යයන්ට හා විවිධ අපචාරයන්ට ගොදුරු වූ දූ දරුවන් ඉන් මුදාගන්නේ කෙසේ ද? අපේ ප්‍රින්සිපල් 14 වැනිදා ඉඳලා වැඩභාර ගන්න හින්දා ඒ ගැන දැනගන්න මේ සිනමා වසන්තයෙන් පුළුවන් වෙනවා.

දරිද්‍රතාව හේතුවෙන් පියා අහිමි වී පවුල් සංස්ථාව කඩා හැළෙන වයස අවුරුදු 14 ක පමණවන පිරිමි ළමයෙකු තම මවට වන අසාධාරණයක් අභියස අපරාධයක් සිදුකර ඉන් ගැලවීම උදෙසා එම පළාතෙන් පැන යන ඔහු අහඹු ලෙස කොළඹ පිටකොටුවට සේන්දුවේ. තම එකම පුතා සිදුකරපු ඝාතන අපරාධය ස්වකැමැත්තෙන්ම තමා මතට එල්ල කර ගන්නා මව පොලිස් අත්අඩංගුවට පත්වේ. ඉන් ගැලවී නාට්ටාමි සමාජයට වැටෙන මෙම කොලුගැටයා අපචාර උත්සාහයකට මුහුණ දී ඉන් ගැලවී නාට්ටාමිලා අතර ගැටෙමින් එක්තරා නාට්ටාමි පවුලක් සමග ජීවත් වන්නේ සැමගේ පොදු හිතවතෙකු බවට පත්වෙමිනි. මේ තරුණයට ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න දැනගන්න නාට්ටාමි ආමි බලන්නම වෙනවා.

විවාහක එක්දරු පියෙකු වන රත්නමාල ගමේ කුලී වැඩ කරමින් අවිහිංසක ලෙස ජීවත්වන දුප්පත් පුද්ගලයෙකි. ඔවුනට රුවන් නමින් පාසල් වියේ පසුවන පිරිමි දරුවෙකු සිටී. අපමණ අගහිඟකම් මැද වුවද තම පවුල වෙනුවෙන් සිය යුතුකම් නිසි ලෙස ඉටු කිරීමට ඔහු වගබලාගනී. දසවැනි වියේ පසුවන රුවන් තරමක් දඟවැඩට බර දරුවෙකි. ඒ දඟවැඩ නිසා ම තාත්තාගේ උදහසට ලක්ව පහර කෑමට සිදුවන අවස්ථා එමටය. ඉන් පසු මේ චරිතවලට සිදුවන දෑ දැනගැනීමට නොපෙන්වන ආදරයේ සුසුම් කන්ද ‘තාත්තා’ නැරඹීමටම සිදුවේ.

ගුවන් ටිකට්පත් නිකුත් කරන නියෝජිත ආයතනයක සේවය කරන පහන් සංදීප ඒකනායක විවාහකයෙකි. සෞභාග්‍යා චතුරංගනී ඔහුගේ බිරිඳයි. විවාහ දිවියට ඇතුළත්ව කාලයක් ගත වූවද ඔවුනට දරුවන් නොමැත. මේ චරිතවලට ද සිදුවන දෑ දැනගැනීමට සැවෝයි සිනමා වසන්තයේ තිරගත වන උඩුයටිකුරු ලොවක මැවෙන ‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටය බලන්නම වෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment