සූඩානයේ අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 41 කගෙන් 13 දෙනෙක් සෞදියට

179

යුද ගැටුම් හේතුවෙන් සූඩානයේ අතරමං ව සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් එක්දෙනකුගෙන් දහතුන් දෙනෙක් සෞදියේ ජෙඩා වෙත ආරක්ෂිතව ගෙන ඒමට හැකිවී තිබේ.

සෙසු ශ්‍රී ලාංකිකයන් පිරිසද ඉන්දියාවේ හෝ සෞදියේ සහාය ඇතුව බේරා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සූඩානයේ අතරමංව සිටි පිරිසක් ආරක්ෂිතව ජෙඩා වෙත ගෙන ඒමට සෞදි රජය දුන් සහාය අගේ කරන බව විදේශ ඇමැති අලි සබි්‍ර මහතා කියා සිටී. සුඩාන හමුදා හා කැරැලිකරුවන් අතර හටගෙන තිබෙන යුද ගැටුම් නිසා ඉකුත් 15 වැනිදා සිට මේ දක්වා හාරසීයකට අධික පිරිසක් මියගොස් ඇත. මෙම යුද ගැටුම් හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා සහිතව ඉවත් කිරීමට පියවර ගන්නා බවද අලි සබි්‍ර ඇමැතිවරයා කියා සිටී.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment