70 දශකය පුංචි තිරයට ගෙනෙන… අඳුන්ගිර

416

තම කුළුදුල් ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය ලෙස ‘ගිරිදේවි. ඔබ වෙත තිළිණ කළ ඉන්දික ධර්මතිලක තම දෙවැනි නිර්මාණය ලෙස ‘අඳුන්ගිර. ටෙලි නාට්‍ය ඔබ වෙත ගෙන එනවා.

 ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා රාත‍්‍රී 8.00ට විකාශනය වන අඳුන් ගිර ප‍්‍රවීණ ලේඛිකා ශාන්තී දිසානායකගේ කුළුඳුල් ටෙලි පිටපත වීමත් විශේෂත්වයක්.

 අඳුන්ගිර කතා සාරාංශය විමසා බලමු.

70 දශකය පුංචි තිරයට ගෙනෙන... අඳුන්ගිර



 ගොවි ජනපදයක මණිබඩු වෙළෙන්දකු වන ජයසුන්දර තිදරු පියෙකි. ඔහු විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලැබුවකු වුවද පොත පත කියවන අලූත් සොයාගැනීම් පිළිබඳව උනන්දු වන ආත්ම ශක්තියෙන් අනූන මානව දයාවෙන් හෙබි අයෙකි.

 ඉසුරුමත් අනාගතයක් උදෙසා වෙහෙසෙන ඔහු ද” බිරිඳ තිලකා අතර ගැටුම් හටගන්නේ වැඩිමල් දියණිය තාරකා නිසා ය. තිලකා සාම්ප‍්‍රදායික ගැමි ගැහැනියක් වන අතර ඇගේ එකම ලෝකය සැමියා සහ දරු දෙදෙනා පමණි. ජයසුන්දර ඇය සමග පෙමින් වෙලී සිටියදී කොළඹ යන අතරතුර අහම්බයෙන් මහියංගනේ වනගත පෙදෙසක අතරමං වෙයි. එහිදී වන අලි ප‍්‍රහාරයකට ලක් වන ඔහු බේරා ගන්නේ වැද්දකු විසිනි. ප‍්‍රතිකාරවලින් සුවපත් වන ඔහු වැද්දාගේ දියණිය කුමී සමග පෙම් සබඳතාවක් ඇති කර ගනී. එහි ප‍්‍රතිපලයක් ලෙස ගැබ් ගන්නා කුමී” දරු ප‍්‍රසූතියේදී මිය යයි. බිළිඳු දැරියත් රැුගෙන ගමට යන ජයසුන්දර තිලකා සමග විවාහ වන අතර බිළිඳිය වන තාරකා තිලකා තම දරුවකු මෙන් හදා වඩා ගනී. එහෙත් ඇයට දියණියක හා පුතකු උපන් පසු තාරකාට වෙනස්කම් සිදුවීමට පටන් ගනී…

 70 දශකයේ සමාජ ආර්ථික දේශපාලන වටපිටාව මත දෝලනය වුණ ජනතාවගේ සිතුම් පැතුම් මනාව විදහා දක්වමින් වෙනස්ම ආකාරයේ කතා තේමාවක් හරහා අඳුන් ගිර පේ‍්‍රක්‍ෂකයාට අපූරු අත්දැකීමක් ලබාදෙයි.

70 දශකය පුංචි තිරයට ගෙනෙන... අඳුන්ගිර



 ශාන්ති දිසානායකගේ තිරපිටපතකට අනුව අඳුන්ගිර අධ්‍යක්‍ෂණය ඉන්දික ධර්මතිලක විසින් වන අතර නිෂ්පාදනය නුවනි වලිමුණි විසිනි.

 අංග රචනයෙන් ප‍්‍රියන්ත එස්. වන්නිනායක” කැමරාකරණයෙන් ප‍්‍රභාත් දර්ශන” සංස්කරණයෙන් ඉන්දික ජයවර්ධන” සංගීතයෙන් සතිෂ් සුරේන්ද්‍ර ඒකනායක” නිෂ්පාදන කළමණාකරණයෙන් සමන් අතපත්තු” කලා අධ්‍යක්‍ෂණයෙන් හසින්ත වැල්ලවාය” සහය අධ්‍යක්‍ෂණයෙන් මහේෂ් උයන්වත්ත යන ශිල්පීන් දායක වන අඳුන් ගිර රංගනයෙන් ඔපවත් කරන්නේ සජිත අනුත්තර” කළණ ගුණසේකර” සම්පත් ජයවීර” නිරෝෂන් විජේසිංහ” නුවනි වලිමුණි” දමිතා අබේරත්න” රම්‍යා වනිගසේකර” බන්දුල විජේවීර” පූජන දංදෙණිය” මල්කාන්ති ජයසිංහ” පහන්දි නෙතාරා” යොහානි හෙට්ටිආරච්චි” චතුරංග කාංචන” නයෝමි තක්‍ෂිලා” කෝරළගේ

 සමන්” මාධවී වත්සලා” චන්ද්‍රසේන වලිමුණි” නයනා හෙට්ටිආරච්චි” ආලෝකා ධනංජි” ගයාන් මාපලගම” ශ‍්‍රියන්ත ඇලේගොඩ යන ශිල්පීන් සහ ශිල්පිණියන් විසිනි.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment