මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම පහළට

459

මධ්‍යම කඳුකරයට පවතින වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාස්ල්රී ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසලා මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට දින 10 ක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට ශීඝ්‍රයෙන් පහත බැස ඇත.

මාවුස්සාකැලේ හා කාලස්රී යන ජලාශවල ජල මට්ටම අද (29) පෙරවරු 08.00 වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 11 ක් හා අඩි 05 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙනෙකි.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment