සබරගමුව නවකවධ සිද්ධියේ සැකකරුවන්ට ඇප

71

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවක අමානුෂික නවක වධයට ලක් කළ බව කියන සිද්ධියකට සමනල වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ශිෂ්‍යයන් හයදෙනකු සහ ශිෂ්‍යාවක ඊයේ උසාවිය ඇප මත මුදාහරිනු ලැබීය.

සමනල වැව පොලිසිය මගින් පෙරේදා (28 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් හයදෙනා වයස අවුරුදු 23, 24, 25 වයස්වල පසුවන අතර ඔවුහු මොරවක රුක්ගහවිල ඉමදුව කිතලව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

හදිසි ඇමතුම් ඒකකයේ 1997 දුරකථන මධ්‍යස්ථානය වෙත ඉකුත් 14 වැනිදා පැමිණිල්ලක් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක පවසා ඇත්තේ තමන් දරුණු නවක වධයකට ලක්වූ බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ සමනලවැව පොලිසිය ඊට සම්බන්ධ ශිෂ්‍යයන් 06දෙනකු විශ්වවිද්‍යාල භූමියේ දීම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ශිෂ්‍යයන් හයදෙනා සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා අධ්‍යයන පීඨයේ අධ්‍යාපනය ලබන අය බව පොලිසිය පවසයි.

විශ්වවිද්‍යාලයේ නවක වධය ලබාදෙන ශිෂ්‍යයන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවද පොලිසිය පවසයි.

සැකකාර සිසුන් ඊයේ (29 දා) සවස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

මේ අතර නවක වධය පනත යටතේ චෝදනා ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ හතර වැනි වසරේ සිසුවියකට සහ සිසුන් හය දෙනෙකුට එක් අයෙකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප 7ක් මත මුදාහැරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් බී. කේ. වී. හේෂානි රොඩ්රිගො මහත්මිය (29දා) නියෝග කළාය.

එම වසරේම සිසුවියකට බැණ වැදීම හා තර්ජනය කිරීම යටතේ එම සිසුවිය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හරහා පැමිණිලි කර තිබීමෙන් පසුව ඊට සම්බන්ධ සිසුවිය හා සිසුන් හයදෙනා සමනලවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
හේමන්ත රන්දුණු සහ බලන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment