දුරකථනයෙන් හාද වී  පාසල් සිසුවිය රැගෙන ගිය සැකකරු අත්අඩංගුවට  

682

මවට දුරකථන ඇමතුම් ලබාදී හඳුනාගෙන, ඇයගේ දියණියව කැටුව ගොස් සඟවාගෙන සිටි පුද්ගලයකු පසුගිය 08 දා අත්අඩංගුවට ගත් බව පිංවත්ත පොලිසිය පවසයි.

කාන්තාවක විසින් සිය දියණිය නිවසේ නොමැති බවට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස දෙකකට ප‍්‍රථම පැමිණිළිකාරියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී ඇති අතර ඇයගේ 14 හැවිරිදි දියණිය එම ඇමතුමට පිළිතුරු දී ඇත.

27 හැවිරිදි තරුණයෙකු එසේ දුරකථන ඇමතුම ලබා දී ඇති අතර පසුවද ඔහු අවස්ථා ගණනාවක දී ඇය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ඇතැයි පොලිසිය කියයි.

පසුව අදාළ තරුණයා මීට දින දෙකකට ප‍්‍රථම රාත‍්‍රී පැමිණ පාසල් සිසුවිය නිවැසියන්ට හොර රහසේ හොරණ ප‍්‍රදේශයට කැටුවවිත් නිවසක සඟවාගෙන සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.

දැරිය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර සැකකරු පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පින්වත්ත ස්ථානාධිපති පො.ප. සුරංග රණවීර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. එම්. හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කරති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment