මහනුවර හැව්ලොක්ස් සහ සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ජය ලබයි

91

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග ශූරතා රග්බි පාපන්දු තරගාවලිය” තුළ තම අපරාජිත බව සනාථ කර ගනිමින් තෙවන ජයග්‍රහණය සටන් කර ගැනීමට ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රතිවාදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 24 – 18 ක් ලෙස ජයග්‍රහණය සටහන් කර ගනිමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට එහිදී හැකි විය.

මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 12 – 06 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවර සමත් විය. ලොන්ඩන් පෙදෙසේ දී සී.ආර් ඇන්ඩ් එෆ්.සී. සමාජය හමුවේ පොලිසිය ලකුණු

36 – 19 කින් පරාජය ලැබීය. ලකුණු 12 – 12 ක් ලෙස ප්‍රථම භාගය අවසන් කර ගැනීමට පොලිසියට හැකියාව ලැබීම එහිදී කැපී පෙණුනි.

නාවික හමුදාව ලකුණු 22 – 10 ක් ලෙස පරාජය කරමින් හැව්ලොක්ස් සමාජය ජය ලැබීය. ප්‍රතිවාදී නාවික හමුදාවට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට අවස්ථාව ලබා නොදුන් හැව්ලොක්ස් සමාජය ප්‍රථම භාගය නිමා වන විට ලකුණු

15 – 00 ක් ලෙස පෙරමුණේ පසු විය.

කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී ක්‍රියාත්මක කෙරුණු යුද හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිල අතර තරගය මෙම සති අන්තයේ දක්නට ලැබුණු තියුණුම සටන බවට පරිවර්තන වී තිබුණි. එහි අවසන් ලකුණු සටහන වාර්තා වූයේ 31- 31 ක් ලෙසිනි. මෙම තරගයේ ප්‍රථම භාගය අවසන් වන විට ලකුණු 21 – 17 ක් ලෙස පෙරමුණ ගැනීමට

යුද හමුදාව සමත් විය.

මහනුවර 24 ගුවන් හමුදාව 18

හැව්ලොක්ස් 22 නාවික හමුදාව 10

සී.ආර් ඇන්ඩ් එෆ්.සී.36 පොලිසිය 19

සී.එච්.ඇන්ඩ් එෆ්.සී 31 යුද හමුදාව 31
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment