සහල් බද්ද ඉවත් කරයි

178

සහල් සඳහා දැනට පනවා ඇති සියයට 2.5% ක්වූ සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ සඳහා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ද සඳහන් කරයි.

මෙම බද්ද ඉවත් කිරීමත් සමග වෙළඳපොළෙහි සහල් මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි ද රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment