බැංකුවලින් ණය ගන්න බැරි තරුණයින්ට අඩු පොලී ණය

212

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සියයට 6.5ක පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP ව්‍යාපෘතිය සහන වැඩ පිළිවෙළක් අරඹා ඇත. වගා කටයුතු සදහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබා දීම සදහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි නිලධාරින්ට උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment