දේව ප්‍රතිමා මුල්කර ගනිමින් වවුනියාවේ දැවැන්ත විරෝධතාවක්

475

වවුනියාව, නෙඩුන්කෙර්ණි රක්ෂිත ප්‍රදේශයේ බෞද්ධ පුරාවිද්‍යා නටඹුන් පිහිටි වඩ්ඩමාන පබ්බත් විහාර ප්‍රදේශයේ හින්දු භක්තිකයින් විසින් ඉකුත් 2013 වසරේ පමණ ස්ථාපිත කොට තිබු දේව ප්‍රතිමා කීපයක් පසුගිය දිනෙක කඩා දමා තිබුණු අතර එම සිද්ධියට විරෝධය දක්වමින් ඊයේ (30) වවුනියාවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.

ඒ අනුව අදාල විරෝධතාවය වවුනියාව කන්දස්වමි කෝවිල අසලින් ආරම්භව පසුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර ඒ සඳහා දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ. එහිදී විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරි පිටට පැමිණ අදාල ගැටලුව සඳහා වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරන මෙන් ඉලලමින් ඔවූහු විරෝධතාවවේ නිරත වූහ.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment