සීමාසහිත Cargills Bank හි කොටස් (CODE( CBNK-N-0000) 2024 ජනවාරි 09 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE)හි ගනුදෙනු ආරම්භ විය.

CSE හි ප්‍රධාන පුවරුවේ ‘නන්විධ බැංකු’ අංශය යටතේ ලැයිස්තුගත කර ඇත. මෙම අවස්ථාව විශේෂ සීනුව නාද කිරීමේ උත්සවයකින් සනිටුහන් විය.

බැංකුවේ ව්‍යාප්ති සැලසුම් සඳහා රුපියල් මිලියන 500ක් රැස්කර ගැනීමේ අරමුණින් සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් මිලියන 62.5ක් සඳහා වන මූලික මහජන නිකුතුව (IPO) කොටසකට රුපියල් 8.00ක නිකුතු මිලකට පිරිනමා ඇත.

මෙම අවස්ථාවට සීමාසහිත Cargills Bank Ltd. (CBL), සභාපති රිචඩ් ඊබෙල් මහතා හිටපු සභාපති, Cargills බැංකුව සහ උප සභාපති, Cargills (Ceylon) PLC, රංජිත් පේජ් මහතා; කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, සෙනරත් බණ්ඩාර මහතා; ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ප්‍රභූ මාතවන් මහතා; ප්‍රධාන උපාය මාර්ග නිලධාරී තලාල් මරුසූක් මහතා; CSE හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ අර්ජුන හේරත් මහතා; සීමාසහිත කාගිල්ස් බැංකුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, නිකුතුවේ හවුල් කළමනාකරුවන් CTCLSA සහ NDB ආයෝජන බැංකුව, CBL ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කණ්ඩායම සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment