ජාතික සංහිඳියාව ගැන ජනපති විමසයි

150

ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි 75 වන නිදහස් දින සැමරුමට පෙර තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ.ජාතික ආරක්ෂාවට හෝ මානව හිමිකම්වලට හානි නොවන අයුරින් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා කැඳවා තිබූ සර්ව පාක්ෂික නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ එම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණි.මේ සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වුවත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිවෙකුත් ඒ සඳහා සහභාගී වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment