ලංකා බැංකුව අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය බවට පත් වෙයි

186

දේශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ට සේවාවක් ලබා දීම වෙනුවෙන් කැප වන ලංකා බැංකුව (BOC) Brand Finance Lanka විසින් ‘සන්නාම ශ්‍රේණිගත කරනු ලැබීමත් සමඟ රුපියල් බිලියන 50කට අධික සන්නාම වටිනාකමක් සහිත ව අඛණ්ඩව 15 වරටත් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙස නම් කරන ලදී. 1939 වසරේ දී ආරම්භ කෙරුණු ලංකා බැංකුව දශක 8කට අධික කාලයක් පුරා මෙරට බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක යෙදෙමින්, එහි ආරම්භක අරමුණ වූ ශ්‍රී ලාංකේය ආර්ථිකය සවි බල ගන්වමින්, මූල්‍ය සේවාවන් ලබා දීමේ කාර්යභාරය වෙනුවෙන් කැප වී සිටී.

ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති, සන්නාම උපදේශක ආයතනයක් වන Brand Fianance ආයතනයට අනුබද්ධිත ව මෙරට ක්‍රියාත්මක වන Brand Finance Lanka විසින් ගෝලීය වශයෙන් පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් වසර 15 ක් පුරා ශ්‍රී ලංකාව තුළ ස්වාධීන ව සන්නාම විශ්ලේෂණ කටයුතු සිදු කරයි.

“දේශීය බැංකු සන්නාමයක් ලෙස අපගේ සාර්ථකත්වයට, යහපත් මෙන්ම අභියෝගාත්මක යන සියලුම කාලවල දී විශ්වාසයෙන් යුතු ව අප හා බැඳී සිටින ගනුදෙනුකරුවන් විශාල ශක්තියක් වුණා. ලංකා බැංකුව ගැඹුරින් මුල් බැස ගත් වටිනාකම් රැක ගනිමින්, සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපත කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම සහ සැමට සාධාරණව සේවා සැලසීම යන ගුණාංග තුළින් සිය ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබෙනවා. මෙම අරමුණු සහ වටිනාකම් ලංකා බැංකුවේ සියලුම මෙහෙයුම් හරහා පිළිබිඹු කෙරෙන අතරම, සියලුම පාර්ශවකරුවන්ගේ පිළිගැනීම සහිතව තිරසාර මූල්‍ය ශක්තියක් ගොඩනඟා ගැනීමට අපට හැකි වී තිබෙනවා.” යනුවෙන් මෙම සම්මානය පිළිබඳ ව අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සවිමත්ම ශේෂ පත්‍රය සතු බැංකුව වන අතර, ට්‍රිලියන 4 ක වත්කම් පදනමක්, 2000කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලයක් මෙන් ම දේශීය බැංකුවක් සතු විශාලතම ATM ජාලයට හිමිකම් කියන ලංකා බැංකුව, අභ්‍යන්තර ප්‍රේෂණවල විශාලතම වෙළෙඳපොළ කොටස හිමි දේශීය බැංකුව ලෙස හඳුන්වා දිය හැකිය.

සෑම තරාතිරමක ම ශ්‍රී ලාංකිකයින් වෙත ඩිජිටල් බැංකුකරණය හඳුන්වා දෙමින්, ජංගම බැංකුකරණය (Mobile Banking) ඇතුළු වඩාත් පහසු ඩිජිටල් මූල්‍ය සේවාවන් රැසක් ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරයි. වඩා ආරක්ෂිත, සරල මෙන්ම වඩාත් පහසු මෙම ඩිජිටල් සේවාවන් විවිධ අවස්ථාවල දී ඇගයීමට ලක් වී ඇති අතර, BOC SmartPay යෙදුම සඳහා වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් නිෂ්පාදනය සඳහා රන් සම්මානය (බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන – ජංගම යෙදුම් හරහා ගෙවීම්), මූල්‍ය ඇතුළත් කිරීම් සම්බන්ධ A කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මානය,’ LankaPay අන්තර්ජාල ගෙවීම් ආශ්‍රිත හොඳ ම අත්පත් කර ගැනීම සඳහා රන් සම්මානය, පෞද්ගලික ගෙවීම් ආශ්‍රිත හොඳම බැංකුව සඳහා වන රිදී සම්මානය, A කාණ්ඩයේ වසරේ හොඳම පොදු ATM සක්‍රීය කරන්නා සඳහා කුසලතා සම්මානය සහ B App සේවාව සඳහා 2023 වසරේ LankaPay Technnovation සම්මාන උළෙලේ දී හිමි වූ වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් නිෂ්පාදනය (බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන – අන්තර්ජාල බැංකුකරණය) සඳහා හිමි කුසලතා සම්මානය එම සම්මාන අතරින් විශේෂිත වේ.

The Banker U’K සඟරාව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කිරීමත් සමඟ 2023 වසරේ දී ලොව ප්‍රමුඛතම බැංකු ආයතන අතර නියෝජනය වන එක ම ශ්‍රී ලාංකේය බැංකුව බවට පත් වූ ලංකා බැංකුව, 1997 වසරේ දී ප්‍රථම වරට එම ශ්‍රේණිගත කිරීම හිමි කරගත් අතර, 2012 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වසර 12ක් එම ශ්‍රේණිගත කිරීම පවත්වා ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment