CIPM International Research Symposium 2023 වැඩසටහනට SLT-MOBITEL අනුග්‍රහය

49

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, CIPM International Research Symposium වැඩසටහන පසුගියදා අඛණ්ඩව 3 වන වරටත් අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය පැවති 7 වන අවස්ථාව මෙය වන අතර, එය ‘HR House’, අංක 43, විජය කුමාරතුංග මාවත, කොළඹ 05 දරන ස්ථානයේ පිහිටි CIPM ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘Transforming the Future of Work’ යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයට දෙස් විදෙස් වෘත්තිකයන්, විද්වතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ නව දැනුම හුවමාරු කරගනිමින්, ඒ සම්බන්ධ නව ප්‍රවේශයන් ගවේෂණය කිරීම සඳහා වෘත්තිකයන්ට සහ පර්යේෂකයන්ට පොදු වේදිකාවක් ලබාදීම මෙහි මූලික අරමුණ විය.

advertistmentadvertistment
advertistmentadvertistment