කෝටි තුනකට විකුණන්න ගෙනා වාලම්පූරි 2ක් සමග මොනරාගලදී 3ක් මාට්ටු

257

රුපියල් කෝටි තුනකට අලෙවි කිරීම සඳහා ගෙනා වාලම්පුරි දෙකක් මොනරාගල මහානාම පාරේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඊයේ (20දා) මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවටගෙන ඇත.

නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය වාලම්පුරි දෙකේ හිමිකරුවන් සමඟ උපාය¥තයකු මාර්ගයෙන් සම්බන්ධ වී වාලම්පුරි දෙක මොනරාගලට ගෙන එන ලෙස දැනුම්දී ඇත.

වාලම්පුරි මිලදී ගන්නා මොනරාගල පදිංචි ව්‍යාපාරිකයා මොනරාගල මහානාම පාරේ නිවාඩු නිකේතනයක සිටින බව දැනුම් දී ඇත. පොලිස් නිලධාරීන් වෙස්වලාගෙන එම නිවාඩු නිකේතනයේ කාමරයක් කුලියට ගෙන ඇති අතර ඊයේ උදේ හිමිකරුවන් මෝටර් රථයකින් වාලම්පුරි නිවාඩු නිකේතනයට රැගෙනවිත් තිබේ.

වෙස්වලාගෙන සිටි පොලිස් නිලධාරීන් වාලම්පුරි මිලදී ගැනීමට පරීක්ෂා කරන අතරතුර සෙසු පොලිස් නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෝ දෙහිවල, සූරියවැව සහ පන්නිපිටිය යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 73, 42 සහ 30 යන වියෙහි පසු වන අය වෙති.

සැකකරුවන් තිදෙනා, වාලම්පුරි දෙක සහ මෝටර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මොනරාගල පොලිසියට භාරදී ඇත.

මොනරාගල නියෝජ්‍ය පොලිස්පති එස්. ඞී. එස්. පී. සන්දනායක මහතාගේ උපදෙස් පිට මොනරාගල සහකාර පොලිස් අධිකාරී එස්. පී. කේ. ගාල්ලගේ මහතාගේ මෙහෙයවීමෙන් මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති විල්ෆ‍්‍රඞ් සිල්වා, පොලිස් සැරයන්වරුන් වන (30524) රෝහිත, (41913) වික‍්‍රමසිරි, (64235) ලලිත්, (1453) ධම්මිකා, පොලිස් කොස්තාපල්වරුන් වන (45927) ප‍්‍රනාන්දු, (1218) රත්නායක යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment