හත කියන විවාහය

2317

පැරණි මෙන්ම නූතන විද්‍යාර්ථීන් කෙසේ අර්ථ දැක්වුවද යෞවනයේ සොඳුරු සිහිනය විවාහයයි. ජීවයේ ආරම්භය යම් කලක ද එතැන් සිට ජීවයේ පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් වූයේ ද විවාහයයි. වනගත යුගයේ මෙන්ම සමාජගත වූ මිනිස් ජීවියා අනෙක් ජීවීන්ගෙන් වෙනස් වන්නේ විවාහය මතින් ගොඩනැගුන පවුල නමැති බැඳීමෙනි.

වෛදික ක්‍රමයේ විවාහ ක්‍රම රාශියක් පිළිබඳ විස්තර පුවත් අද වනවිට පවතින්නේ ආදරය මත හා යෝජනා මගින් සිදුවන විවාහයන්ය.

මේ කුමන ක්‍රමයකට විවාහය සිදුවුවත් විවාහලාභීන් දෙදෙනාට දෙදෙනා පිළිබඳ රුචියක් කැමැත්තක් ඇතිවීම අත්‍යවශ්‍ය කරුණකි.

විවාහය නමැති මාතෘකාවේදී ජ්‍යොතිෂය ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ විෂය ක්‍ෂේත්‍රයකි. විවාහය සඳහා සුදුසු පුරුෂයකු, ස්ත්‍රියක තෝරා ගැනීමට ඔවුනොවුන්ගේ දේහ ලක්ෂණ දැක්වෙන “භාව කුතුහලය” වැනි ග්‍රන්ථ මගින් මඟ පෙන්වනු ලැබේ.

රාශි කේන්ද්‍රයේ විවාහය පිළිබඳව වඩාත්ම වැදගත් වන රාශිය හත්වැන්නයි. ඒ අනුව හත්වැන්න අධිපති සිටින භාවය අනුව ලැබෙන ස්වාමියා භාර්යාව පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීම මෙම ලිපිය ලිවීමේදී මම අපේක්ෂා කළෙමි.

  • ඔබේ සත්වැන්නාධිපතියා පහත වගුව ඇසුරින් සොයා ගෙන ඔහු ඔබේ කේන්ද්‍රයේ කවර අංකයක් සඳහන් භාවයක සිටීදැයි හඳුනා ගන්න.
හත කියන විවාහය

  1. හත අධිපති ලග්නයේ නම් තම අදහස්වලට ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක ලැබේ. නමුත් ඔබේ විවාහය සිදුවන්නේ ප්‍රමාද වීමෙනි.
  2. හත අධිපති දෙවැන්නේ නම් ධනවත් සැමියෙකු හෝ බිරිඳක උරුම වේ. විවාහයෙන් පසු පවුලේ දියුණුව ඇති වන අතර ඔබට ආලය නිසා නොයෙකුත් පීඩාවන් ද උරුම වනු ඇත.
  3. තෙවැන්නේ නම් ඔබට වඩා ප්‍රසිද්ධ අයෙකු විවාහයට ලැබෙන අතර විවාහයෙන් පසු ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදුවනු ඇත.
  4. ගේ දොර දේපළ ඇති අයෙකු ලැබීමට නම් හත්වැන්නාධිපතියා හතරේ සිටිය යුතුය. මෙය ඉතා වාසනාවන්ත පිහිටීමක් වන අතර දෙදෙනා අතර සබඳතාවය දිනෙන් දින වැඩි වන අතර ඔවුනොවුන්ගේ ඥාති මිත්‍ර සම්බන්ධතා ද වැඩි වේ.
  5. හත අධිපතියා පස්වැන්නේ නම් විවාහයට උගත් අයෙකු ලැබේ. එය පාසල් ප්‍රේමයකි. දෙපාර්ශ්වයේ ඥාති මිත්‍රාදීන් අතර ප්‍රශ්න විරසක ඇති වේ.
  6. හයවැන්නේ සිටි විට විවාහ ජීවිතයේ තෘප්තිය අඩු වීමටත් ඉතා දුර අයෙකු සමග විවාහ වීමෙන් සිදු වේ. නිතර අසනීප වීම නිසා හෝ වෙනත් හේතු මත ඇති වන විරුද්ධවාදීකම් නිසා විවාහ ජීවිතයේ අතෘප්තිමත් විය හැක.
  7. සත්වැන්නාධිපති සත් වැන්නේ නම් සිතට ඉතාමත් ගැලපෙන අයෙකු විවාහය සඳහා හිමිවන අතර දෙදෙනා තුළ අන්‍යොන්‍ය ගැලපීමක් මෙන්ම බැඳීමක් ද දෙදෙනා දෙදෙනාට ගෞරවයක් ද පවතී.
  8. හත අධිපති අටේ නම් ඔහුට හෝ ඇයට ලැබෙන්නේ අලස, දුර්වල කායික ශක්තියක් ඇති නිතර බාධක යෙදෙන අයෙකි. සහකරුගේ හෝ සහකාරියගේ ධනයෙන් යැපීමට ද සිදු වේ.
  9. හත්වැන්නාධිපති සත්වැන්නේ මෙන්ම නව වැන්නේ පිහිටීම ද ගුණ යහපත් අයෙක් විවාහයට ලැබෙන පිහිටීමකි. නමුත් දෙදෙනාට ලිංගික සබඳතා පිළිබඳ දැඩි අවශ්‍යතාවක් නොවේ.
  10. හත්වැන්නාධිපති දසවැන්නේ යෙදුන විට රැකියාවක නිරත අයෙකු විවාහයට ලැබේ. එසේම රැකියාව හේතුවෙන් විවාහය සිදු වේ.
  11. හත්වැන්නාධිපතියා එකොළොස් වැන්නේ නම් ඔබට ලැබෙන්නේ ආත්ම ගණනක් එකට ජීවත් වූ අයෙකු බව පුරාණ ඇදුරන් පවසන අතර ඔහු හෝ ඇය නිතර ආදායම් ලබන අයෙකි. ඔහු හෝ ඇය ඔබ සොයා පැමිණෙනු ඇත.
  12. හත අධිපතියා දොළොස් වැන්නේ නම් ඔබට ලැබෙන්නේ ප්‍රතිරූපය හා අලංකාරය වෙනුවෙන් වියදම් කරන දියුණුවෙන් පසු අයෙකි. ඔහු අධිකව වියදම් කරන දුර ප්‍රදේශයක අයෙකි.

මෙම පිහිටීමේ සුළු වෙනස්කම් ඒ ඒ ග්‍රහයාගේ බල දුබලතා අනුව සිදුවිය හැක. ගැටලු ඇති නම් වැඩි විස්තර ඔබ පවුලේ ජ්‍යොතිෂවේදියා හමුවී පැහැදිලි කරගන්නා ලෙස ද කරුණාවෙන් ඉල්ලයි.

හත කියන විවාහය

ජ්‍යොතිවේදී එස්. ඩී. ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය,
ලේනබටුව, කඹුරුපිටිය.
දුරකථන 0714396119

advertistmentadvertistment
advertistmentadvertistment