බොන එකමයි වැඩේ… මගේ කන්සෙප්ට් එකක් – නිසල් කැටපේආරච්චි

159

සම්පූර්ණ නම – නිසල් කැටපේආරච්චි
පාසැල් ගියේ – ඞී.එස්. සේනානායක විදුහලට
පවුලේ විස්තර – අම්මයි, තාත්තයි, අයියයි, නංගියි


අද අපේ කථානායකයා එතරම් ප‍්‍රසිද්ධ චරිතයක් නෙමෙයි. නමුත් මෙයාගේ ගීතයක් සමග රූප රචනාවක් මේ දිනවල යූටියුබ් හරහා හරියට සංසරණය වෙනවා. ටිකක් වෙනස්ම මාතෘකාවක් තමයි මෙයා කතා කරලා තියෙන්නේ. අපිට ප‍්‍රශ්නයක් ඇතිවුණ හැම වෙලාවකම බොන්න තමයි බලන්නේ. මෙන්න මේ මෘතාකාව අළලා තමයි නිසල් කැටපේආරච්චි බොන එකමයි වැඬේ කියලා ගීතය කරලා තියෙන්නේ. නිසල් එහෙම ගීතයක් කළේ ඇයි කියලා අපි හොයලා බැලූවා.


* සංගීතයට යොමුවුණෙ කොහොමද?

මම බයිලා සංගීතයට ඒ කාලේ ඉ`දලා කැමැතියි. මම ගොඩක් වෙලාවට අප අතුරින් නැසී ගිය සුනිල් පෙරේරා ගායකයාව තමයි හඹායන්නේ. රැකියාවෙන් විවේකයක් ලැබුණු වෙලාවක මගේ ගීතයක් කරන්න ඕනෑ කියලා හිත හිතා හිටියා. ඊට පස්සේ දවසක් මට ගීතයක් ලියැවුණා. ඒ මීට අවුරුදු එකහමාරකට කලින්.

* බොන එකමයි වැඬේ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර එහෙම කොහොමද?

ගොඩක් හො`ද ප‍්‍රතිචාර ලැබෙනවා. අද කාලේ වැඩිපුර බයිලා ගීත නිර්මාණය වෙන්නේ නැහැනේ. ඒ හින්දා ගොඩක් හො`ද ප‍්‍රතිචාර ලැබෙනවා. රූප රචනාවේ පිටපතටත් ගොඩක් දෙනෙක් කැමැතියි. මොකද ඒ වගේ වීඩියෝ දැන් හැදෙන්නේ නැහැනේ.

* මේ ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණය කළේ ඔබමද?

ඔව්. මම තමයි නිර්මාණය කළේ. ගීතයේ රූප රචනාව අධ්‍යක්ෂණයට එක්කෙනෙක් හිටියා. අපි දෙන්නා කතාබහ කරලා තමයි මේ ගීතය නිර්මාණය කළේ.

* ඇත්තටම ඔබ සුනිල් පෙරේරාව අනුකරණය කරන්න හිතාගෙන මේ ගීතය කළේ ?

නැහැ. හැබැයි මට ඒ ආභාෂය තියෙනවා. ඔහුගේ තියෙන්නේ ස්ටෝරි ටෙලින්. අනික උපහාසයට ලක්කරන ගීත තමයි ඔහුගේ වැඩිපුර තියෙන්නේ. මගේ ඔළුවෙත් තියෙන්නේ ඒ ආභාෂය. ඔහුව අනුකරණය කරන්න නෙමෙයි.

බොන එකමයි වැඩේ... මගේ කන්සෙප්ට් එකක් - නිසල් කැටපේආරච්චි


* මේ ගීතය ඔබේ පුද්ගලික ජීවිතයේ අත්දැකීමක්ද?

ඕක එකපාරටම ආපු අදහසක්. මොනව හරි හේතුවක් හොයා ගන්නවානේ අපි බොන්න. ඒ ගීතය ලියනකොට මට ඕනෑවුණේ රූප රචනාවටත් මුල ඉ`දලාම කතාවක් කියන්න. මම මේ ගීතය ලිව්වේ කතා කරන භාෂාවෙන්. එතකොට තමයි මිනිස්සුන්ට ඇහෙන්නේ. සරල භාෂාවෙන් ලියපු නිසයි මේ ගීතය මේ තරම් මිනිස්සු අතරට ගියේ.

* ගෙදරින් බැන්නේ නැද්ද මේ වගේ ගීතයක් කළාට?

නැහැ. බැන්නේ නැහැ. මම රස්සාවක් කරනවා. රස්සාවට අමතරව තමයි මේ ගීතය නිර්මාණය කළේ.

* එතකොට ඔබේ වෘත්තිය ?

මම වෘත්තීය වශයෙන් ඉංජිනේරුවෙක්. දැනට මම ගොඩනැගිලි අලූත්වැඩියා සේවා කළමනාකරුවෙක් විදිහට වැඩකරනවා. ඊට අමතරව කලාවට යොමුවුණේ.

* ඉදිරියේදී අලූත් ගීත එළිදක්වන්න

හිතාගෙනද ඉන්නේ ?

තවම ඒ ගැන හිතලා නැහැ. මම මේ දේවල් කරන්නේ මගේ ආශ්වාදයට. ඉතිං ඒ ගැන ඕනෑවට වඩා හිතාගෙන කරන්නේ නැහැ. ගොඩක් ඒවා මගේ ජීවිතයේ අත්දැකීම්වලින් ලියපු ගීත. මට ඕනෑ සමාජයට විහිළුවෙන් පණිවුඩයක් ලබාදෙන්න.

* මේ දේවල් කරන්නේ ජනප‍්‍රියත්වය බලාගෙනද?

නැහැ. නැහැ. මට ඕනෑවුණේ කරන දේ හරියට කරන්න.

බොන එකමයි වැඩේ... මගේ කන්සෙප්ට් එකක් - නිසල් කැටපේආරච්චි


* බොන එකමයි වැඬේ ගීතයේ රූප රචනාවක් වෙනස්ම විදිහට කරලා තියෙනාවනේද?

ඒක මට කරන්න ඕනෑවුණේ වෙනස්ම විදිහට. අනික මේ ගීතයේ රූප රචනාව බලලා කාටවත් කියන්න බැහැ කොපි කරලා තියෙන්නේ කියලා. අනික මේක අරක වගේ” මේක මේ වගේ කියලා කියන්න බැහැ. මේක තනිකරම මගේ කන්සෙප්ට් එකක්.

* ඇයි මේ ගීතයට ජනප‍්‍රිය චරිත ගත්තේ නැත්තේ ?

මට ඕනෑවුණේ ජනප‍්‍රිය චරිත නෙමෙයි. මේ වැඬේට ඉන්නේ මගේ යාළුවෝ. ඒ ගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය වැඩියි. යාළුවෝ හිටපු නිසයි මේ වැඬේ මට ලෙහෙසි වුණේ.

* සංගීතය පිළිබ`ද හැදෑරීමක් කරලා තියෙනවාද?

මම සංගීතය පිළිබ`ද හැදෑරීමක් කරලා නැහැ.

* නිසල් ඉදිරියට ගායකයෙක් වෙන්න අදහසක් තියෙනවාද?

එහෙම ගායකයෙක් වෙන්නම කියලා අදහසක් නැහැ. මම තව ගොඩක් ගීත ලියලා තියෙනවා. ඒවා මමම තමයි ගායනා කරන්නේ. මේ ගීතවල නිෂ්පාදන කටයුතු සිදුකළාට පස්සේ මම ඒ ගීත එළිදක්වන්න සූදානමින් ඉන්නේ.

* එළිමහන් ප‍්‍රසංගවලට

ආරාධනා නැතිද?

තවම ආරාධනා ලැබිලා නැහැ. තවම මාව ගොඩක් දෙනෙක් අ`දුරන්නේ නැහැ. අනික මම කැමැති නැහැ තව කෙනෙකුගේ ගීත ගායනා කරන්න. මට ඕනෑ මගේම ගීත තුන හතරක් කරලා අවස්ථාව ලැබුණොත් එළිමහන් ප‍්‍රසංගවලට සහභාගි වෙන්න. නැතිව වෘත්තීමය වශයෙන් එළිමහන් ප‍්‍රසංගවලට සහභාගි වෙන්න ලොකු අදහසක් නැහැ.

* සංගීත කණ්ඩායමක් පටන්ගන්නවත් කැමැති නැතිද?

තවම ඒ ගැන ලොකුවට හිතලා නැහැ. අනික මට එහෙම හිතන්න ලොකු අඩිතාලමක් නැහැ. මම සංගීතය පැත්තෙන් ඉගෙන ගෙනත් නැහැ. හදාරලත් නැහැ.

දිනේෂ් විතාන
ඡායා – සංජීව වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment