ගුරුවරියක් වෙන්න ආසයි

426

රුක්ෂානා ගේ ඇඩකමිය තාවකාලිකව නවත්වයි


 රුක්ෂානා දිසානායක කියන්නේ නිරූපණ ක්ෂේත‍්‍රයේත් ,රංගන ක්ෂේත‍්‍රයේත් අතිශයින් ජනප‍්‍රියත්වයට පත් වූ හැඩකාර තරුණියක් . ඒ වගේම දැන් ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්.අද මීවිත පිළිසඳරට අපි ඇයට ආරාධනා කළා.



 * මේ දවස්වල නිදහසේ කාලය ගත කරනවා නේද ?

 කොවිඞ් නිසා ටිකක් නිදහසේ ඉන්න අවස්ථාව ලැඹුණා. මම රඟපාන නීල පබළු, රැුහේ සහ කොළඹ ඉතාලිය ටෙලිනාට්‍යය මේ දිනවල විකාශනය වෙනවා.ඒවගේ රූපගත කිරීම්වලටත් සහභාගි වෙනවා. ඊට අමතරව ”රුක්ෂානා දිසානායක ” නමින් පවත්වාගෙන යන මගේ ඩාන්සින් ඇකඩමි එකේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් වෙන් කරලා තියෙනවා .කොවිඞ් නිසා ඇකඩමි එකේ වැඩ තාවකාලිකව නතර වුණත් මේ වෙද්දි ඉවෙන්ට් කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.



 * රුක්ෂානාට දැන් රඟපාන්න ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?

 කොවිඞ් වසංගතයත් එක්ක අපි හැමෝටම ගොඩක් ප‍්‍රශ්න ඇති වුණා.විශේෂයෙන්ම මේ වෛරසයෙන් ආරක්ෂා වෙලා ඉන්න එක තමයි ප‍්‍රධානම අභියෝගය.නමුත් ලැබෙන ආරාධනා ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. මේ වෙද්දි නිර්මාණ කිහිපයකටම ලැබුණ ආරාධනා භාර අරගෙන තියෙනවා .ඉදිරියේදී ඒ නිර්මාණවල රූගත කිරීම් ආරම්භ කරනවා.

ගුරුවරියක් වෙන්න ආසයි





 * කොවිඞ් වසංගතයක් එක්ක රූපගත කිරීම් වලට සහභාගි වෙන එක අවදානම් නේද?

 ඇත්තටම ලොකු අවදානමක් තියෙනවා .නමුත් මේක අපේ වෘත්තිය. අපිට ලැබෙන රාජකාරි අපි අකුරටම කරන්න ඕනෑ කියන එකයි මගේ අදහස. රූපගත කිරීම්වලට සහභාගි වෙද්දී උපරිමයෙන් සෞඛ්‍යාරක්ෂිත බව ගැන සැලකිලිමත් වෙනවා.



 * රුක්ෂානාට ප‍්‍රධාන චරිත වලට ආරාධනා ලැබෙන්නේ නෑ කියන එක ඇත්තක්ද?

 මම ”මතුසම්බන්ධයි” ටෙලි නාට්‍යයයේ ප‍්‍රධාන චරිතය රඟපෑවා .තවත් ටෙලි නාට්‍යයක ප‍්‍රධාන චරිතය කරනවා. කොරෝනා නිසා ඒ නාට්‍ය විකාශනය වෙන එක කල් ගියා. චිත‍්‍රපට කිහිපයකත් ප‍්‍රධාන චරිත කරලා තියෙනවා.මේ වෙද්දි මම ටෙලිනාට්‍ය 80 ක පමණ විවිධ චරිත රඟපාලා තියෙනවා .මට ලැබෙන චරිතය ප‍්‍රධාන චරිතයක් ද සුළු චරිතයක් ද කියන එක ගැටළුවක් නෙමෙයි .ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ ගන්නවා.



 * වැඩියෙන්ම කැමැති නිරූපණයටද? රංගනයට ද ?

 මුලින්ම මම ජනප‍්‍රිය වුණේ නිරූපණ ක්ෂේත‍්‍රය හරහා.රඟපාන්න අවස්ථාව ලැබුණෙත් නිරූපණය නිසා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා රංගන ක්ෂේත‍්‍රයට වගේම නිරූපණයටත් එක වගේ කැමැතියි සහ ආදරෙයි.

ගුරුවරියක් වෙන්න ආසයි




* සිනමාව ගැන රුක්ෂානා වැඩි උනන්දුවක් නෑ නේද ?

 මම කලාවට ආදරෙයි.සිනමාවට,ටෙලිනාට්‍යවලට කියලා වෙනසක් නෑ.මේ වෙද්දි සිනමා නිර්මාණය කිහිපයක රඟපාලා තියෙනවා. මම රඟපාන දෙවෙනි යුද්ධය ,මරු කතර චිත‍්‍රපට දෙකත් ඉදිරියේදී පේ‍්‍රක්ෂකයන්ට දැක ගන්න පුළුවන්.ඒ වුණත් මේ කාලයේ සිනමා කර්මාන්තය කඩාවැටිලා තියෙන්නේ .සුබ පෙරනිමිත්තක් පේනතෙක් මානෙක නෑ. ඒ ගැන ලොකු වේදනාවක් තියෙනවා.



 * ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තය ගැන මොනවාද හිතෙන්නේ ?

 අද වෙනකොට ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ දක්ෂයින් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. දක්ෂ පිටපත් රචකයෝ, අධ්‍යක්ෂකවරු, ඉන්නවා. නමුත් ලංකාවේ හොඳ නිර්මාණයක් විකාශය කරන්න රූපවාහිනි නාලිකාවලින් මීට වඩා අවස්ථාව ලබා දිය යුතුයි.වගකිය යුත්තන්ගේ අවධානය කලාව වෙත යොමු විය යුතුයි.

 ඒ වගේම තමයි නළු නිළියන්ට ඇතැම් අවස්ථාවල ගෙවීම් සිදු කිරීමේදීත් ගැටලූ ඇතිවෙනවා. ඒ නිසා අතරමඟදී නිර්මාණය හැර යන්න වෙන

 අවස්ථාත් යනවා .මේ වගේ ගැටලූ විසඳ ගත්තොත් හොඳ නිර්මාණ පේ‍්‍රක්ෂකයාට ලබා දෙන්න පුළුවන්.



 * සම්මානයක් ගැන තියෙන අදහස අත් හැරලද ඉන්නේ?

 රංගන ශිල්පිණියක් විදිහට මේ වෙද්දි මට පේ‍්‍රක්ෂකයන් ගේ ආදරය අඩුවක් නැතුව ලැබෙනවා. ඒක තමයි මම ලබපු ලොකුම සම්මානය. ඒ වගේම 2017 වර්ෂයේ යෞවන සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසත්, 2018 වර්ෂයේ සුමති සම්මාන උළෙලේ නැඟී එන නිළිය ලෙසත් නිර්දේශ වුණා. ඒ අවස්ථාවන් මට ලැබුණු ලොකු ජයග‍්‍රහණයක්.



 * ඉදිරියේදී රඟපෑමෙන් ඉවත් වෙන්න තීරණය කරලද ඉන්නේ?

 මම රඟපෑමෙන් ඉවත් වෙන්න තීරණය කරලා නෑ.මේ වෙද්දි මම වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කරලා තියෙන නිසා ගුරුවරියක් වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. නර්තනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න අදහසක් තියනවා. නමුත් රංගනයට සමුදෙන්න අදහසක් නෑ.



 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment