වසරේ අවසන් සූර්යග‍්‍රහණයේ පලාපල

2298

2021 වසරේ සිදුවන අවසාන සූර්යග‍්‍රහණය දෙසැම්බර් 04 වැනි ශනි දින (ඊයේ) සිදුවිය. එය පූර්ණ සූර්යග‍්‍රහණයක් වන අතර එහි මධ්‍යය සටහන් වූයේ පස්වරු 1.05 (13.05) ටය. අඟහරු හෙවත් කුජ ග‍්‍රහයාට අයත් වෘශ්චික රාශියේ දී එය සිදුවන විට උදා නැකත වූයේ බුධ හිමි ‘දෙට’ නැකතේ පළමු පාදයයි.

සූර්යග‍්‍රහණයක් සිදුවන්නේ හිරුත්, පොළොවත් අතරට චන්ද්‍රයාගේ පැමිණීමෙන්ය. හිරු වටා පෘථිවිය ගමන් කරන අතරේ පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරයි. මෙලෙස ගමන් කරන අතරේ හිරුත්, සඳුත්, පෘථිවියත් එක් අංශයකට නැතහොත් එක් රේඛාවකට පැමිණීමෙන්, සඳුගේ සෙවණැල්ල පෘථිවිය මතට වැටේ. එලෙසින් පෘථිවිය අඳුරුවීම ‘සූර්යග‍්‍රහණයක්’ ලෙස හැඳින්වේ.

චන්ද්‍රග‍්‍රහණ හා සූර්යග‍්‍රහණ නමින් ග‍්‍රහණ වර්ග දෙකක් ඇති අතර ඉන් සූර්යග‍්‍රහණ චන්ද්‍රග‍්‍රහණවලට වඩා ප‍්‍රබලත්වයක් උසුලයි. චන්ද්‍රග‍්‍රහණයකින් ගෙන දෙන දේක විපාක වසර කිහිපයක් මුළුල්ලේ වුවද පවතී. 2019 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ වළයාකාර සූර්යග‍්‍රහණයේ විපාක ලෙස ‘කොරෝනා වසංගතය’ ලොව පුරා ව්‍යාප්තවූ අතර වසර දෙකකට ආසන්න වුවත් එහි බලපෑම තවදුරටත් අප රට හා ලෝකය පුරා පැතිර යමින් පවතී.

එම ග‍්‍රහණයේ බලපෑම තුළින් පැනනැඟුණු අතුරු විපාක ඉතා භයානක වූ අතර එනිසාම ලොව පුරා මිනිසුන් ලක්ෂ ගණනින් මරණයට පත්විය. එපමණක්ද නොව, බැංකු ක්‍ෂේත‍්‍රය අකර්මණ්‍ය වූ අතර කර්මාන්තශාලා වැසුණි. ජනතාවට රැුකියා අහිමි විය. රටට එතෙක් ගලා ආ විදේශ විනිමයට වැට බැඳුණු අතර රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටුණි. අප වැනි දුප්පත් රටවල් අන්ත අසරණ තත්ත්වයට පත්විය. ආණ්ඩුව සතු ආර්ථික ශක්තිය කෙමෙන් හීන වන්නට වූ අතර දේශපාලන නායකයින් කර කියා ගත හැකි දෙයක් නොමැතිව, ලෝකයේ ධවනත් රටවවලින් හා සංවිධානවලින් ආධාර පැතූහ.

මුළු ලොවම අඳුරු අගාධයකට ඇද දමමින් කොරෝනා රැුල්ල විශ්වය එකම මළ ගෙයක් බවට පත් කළේය. මෙකී නොකී බොහෝ වේදනාත්මක සිදුවීම් රැුසක් සිදුවූ අතර මේ වනවිටත් එවැනි දෑ කලාව පුරා සිදුවෙමින් පවතී. 2019 දෙසැම්බර් 26 සිදුවූ එම වළයාකාර සූර්යග‍්‍රහණ භීතිකාව අදටත් ලොව පුරා හොල්මන් කරමින් තිබෙන බව රහසක් නොවේ.

අප රට කුම්භ ලග්න කේන්දරයට අනුව මෙම පූර්ණ සූර්යග‍්‍රහණය සිදුවන්නේ දසවැන්න වූ වෘශ්චික රාශියේය. දසවැන්නේ මොනයම් හෝ ග‍්‍රහණයක් සිදුවීම යහපත් නැත. එය අවාසනාවන්ත බවේ පූර්ව නිමිත්තක් සේ මහා සෘෂීන් පෙන්වා දී ඇත. දසවැන්නේ සිදුවන ග‍්‍රහණය හේතුකොටගෙන එම රාජ්‍යයට හා එරට පාලකයන්ට මහත් පීඩාවන්ට ලක්වීමට සිදුවන අතර ආණ්ඩු බිඳවැටීමකට වුවද මෙම ග‍්‍රහණයන්හි විපාක බලපවත්වන්නට ඉඩ ඇතැයි සෘෂීන් වැඩිදුරටත් පවසා තිබේ.

එපමණක්ද නොව, මෙවැනි ග‍්‍රහණ හේතුකොටගෙන යුද බිය, රෝග බිය, ආදී ව්‍යසන පැතිරයෑමේ වැඩි ඉඩක්ද පවතින බව කියා ඇත. මෙවර සිදුවන මෙම සූර්යග‍්‍රහණයේ විපාක වැඩි වශයෙන් නාවුක ක්‍ෂේත‍්‍රයට හා ජලාශ‍්‍රිත දේවලට වැඩි බලපෑමක් එල්ලකරනු ඇත. සාගර, මුහුදු, ගංගා, ඇළදොළ, වැව්, පොකුණුවලටද ධීවරයින් මතස්‍යයින් කුරුල්ලන් හා කුකුළන්ටද මෙයින් හානි සිදුවීමේ වැඩි ඉඩක් පවතී.

කෙසේ වෙතත් මෙම ග‍්‍රහණයේ විපාක ලෙස ආරක්ෂක අංශවලට වැඩ කටයුතු අධික විය හැකි කාලයක් ඉදිරියේදී උදාවිය හැකි අතර ත‍්‍රස්ත ක‍්‍රියා මෙන්ම අයහපත් සෞඛ්‍ය හේතු මත ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණවීමටද ඉඩ තිබේ. (දරුණු උණ රෝගයකින් දරුවන් පීඩාවට පත්වීමට වැඩි ඉඩක් පවතී.)

පාරම්පරික ජ්‍යොතිෂවේදී , කොටදෙණියාවේ
ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment