සුසිත්ගේ සිරුර කැලෑවකින් හමුවේ…

891

මල්ලි සහ අක්කා සිරුර හඳුනාගනිති

අපරාධය කළවුන් අත්අඩංගුවට ගන්න – විනිසුරු නියෝග කරයි

අතුරුදන්ව දින 15ක් ගතවූ කුලියාපිටිය කබලෑවේ 31 හැවිරිදි තරුණයාගේ බැව් කියන මළ සිරුරක් මාදම්පෙ පනිරෙන්ඩාව රක්‍ෂිතය තුළ තිබී කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (07 දා) පෙරවරුවේ සොයාගෙන ඇත.

අතුරුදන්ව ඇති තරුණයා අවසන් වරට තම පෙම්වතියගේ නිවස වූ වස්සාවුල්ල සිඟිති නමැති අයගේ නිවසට ගොස් ඇති බව මූලික විමර්ශන මගින් හෙළිව තිබූ අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් දින ගණනාවක් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු අරඹා තිබිණ. එසේ පරීක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටියදී පොලිසිය මගින් සිඟිති නමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට ගන්නා ලදි.

කොට්ඨාස අපරාධ විමර්ශකයින් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් තොරතුරු අනුව ඊයේ පෙරවරුවේ සුසිත් ජයවංශගේ බව කියන දේහය සොයාගෙන ඇති අතර ඒ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමට හා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

හලාවත අතිරේක දිසා විනිසුරු ශසික ද සිල්වා මහතා මළ සිරුර හමුවූ ස්ථානයට පැමිණ ඊයේ පරීක්ෂා කළ අතර මියගිය තරුණයාගේ බාල සොහොයුරා සහ වැඩිමහල් සොහොයුරිය විසින් ඔහු හඳුනා ගනු ලැබූහ.

මේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වජිර ඉන්ද්‍රජිත්, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්පිත ගුණරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වජිර ඉන්ද්‍රජිත්, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්පිත ගුණරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එම අංශයේ උපපොලිස් පරීක්‍ෂකවරුන් වූ අනුරුද්ධ වික්‍රමනායක, සුනිල් සෙනවිරත්න, පොලිස් සැරයන්වරුන් වන ප්‍රියශාන්ත (32230), ෆ්‍රැන්සිස්(7015), චමිල (35525), වීරසේකර (35826), රෝහණ(57897), මධුසංඛ (74898), කොස්තාපල්වරුන් වන ධනුසංඛ (74998), බණ්ඩාර (9259), නිමේෂ් (84586), ප්‍රියන්ත (81497) යන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් කළ විමර්ශනවලින් එම මෘතදේහය සොයාගෙන තිබිණ.

ඡායාරූපය – කමල් ප්‍රියංකර

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ, මාදම්පේ – කමල් ප්‍රියංකර

advertistmentadvertistment
advertistmentadvertistment