බීමතින් රිය පැදවූ පෙම්වතා අත්අඩංගුවට ගත්තාට තරුණියක් පොලිස් කතුන් 2 ක් සපා කාලා

992

26 හැවිරිදි තරුණියක විසින් සපා කෑම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුව පෙරේදා (21 දා) බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

සැකකාරියගේ සපා කෑමෙන් එක් කොස්තාපල්වරියකගේ ඇඟිල්ලකටද අනෙක් කොස්තාපල්වරියගේ ලැම ප්‍රදේශයට ද තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි.

රාත්‍රි කාලයේ බීමතින් රිය පදවාගෙන ගිය තරුණයන් දෙදෙනකු පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ. එහිදී එම තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයකුගේ පෙම්වතියක පැමිණ පොලිසියට බැණ වැදී යකා නටමින් පොලිස් නිලධාරිනියන් අපහසුතාවයට පත් කර මෙලෙස සපා කා ඇතැයි පොලිසිය පවසයි.

කලහකාරී ලෙස හැසිරුණු තරුණිය හා බීමතින් රිය පැදවූ බව කියන අය හා අනෙක් පුද්ගලයා පසුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් තිදෙනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ඇල්දීහගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක ඉරාන්, උප පොලිස් පරීක්‍ෂක ගමගේ පොලිස් සැරයන් චමින්ද (58966) ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment