මීගමුවේ ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවන්ට ඇප නෑ

582

මීගමුවේ මහා පරිමාණයෙන් ව්‍යාපාරික කටයුතුවල යෙදුණු කෝටිපතියකු ස්වභාවිකව මරණයට පත්වුයේ යැයි කියා ඔහු මිහිදන් කොට මාස 8 ක පසුව එම මරණය මිනීමැරුමක් බවට චෝදනා කොට මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ වන තිදරු මව හා සේවකයකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පැමිණවීමේදී මීගමුව පොලිසිය ක‍්‍රියා කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනීසිටි සුරාජ් ජයමාන්න” රුක්ෂාන් නානායක්කාර” චාමින්ද ලාන්සා යන නීතිඥ මහත්වරුන් සම`ග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හිලරි ලිවේරා මහතා මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ටී එන් එල් මහවත්ත මහත්මිය හමුවේ පැමිණිලි කරමින් (17 දා) පැවසූවේය/

 ජ්‍යෙෂ්ඨ නීතිඥ හිලරි ලිව්රා මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ මීගමුවේ පදිංචිව සිටි ඩබ්ලිව්’ සලිඳු ප‍්‍රියදර්ශන ප‍්‍රනාන්දු (58) නමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට අදාළ නඩුව 17 දා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය මෙම ව්‍යාපාරිකයාගේ මරණය ස්වභාවික මරණයක් බවට තීන්දු කොට මිහිදන් කර තිබිණි’ එම මරණයෙන් මාස 8 කට පසු මරණය මිනීමැරුමක් බවට ඥාතීන් විසින් කළ පැමිණිල්ලක් අනුව තීරණය කළ මීගමුව පොලිසිය ඊට අදාළව සැකපිට මියගිය අයගේ භාර්යාව සහ සේවකයකු මිනීමැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට තිබිණි’ ව්‍යාපාරිකයාගේ සිරුර දෙවන වරටත් පශ්චාත් මරණ පරීක්‍ෂණයකට භාජනය කර සිරුරේ අභ්‍යන්තර කොටස් රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇත.

 මෙහිදී විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිලරි ලිවේරා මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් දෙවන පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ නිගමනයන් ඉදිරිපත් වීමට පෙර සැකකාර බිරිඳ සහ සේවකයාට මිනීමැරුම් චෝදනා එල්ල කොට පොලිසිය රිමාන්ඞ් භාරයට පත් කොට ඇති බවත් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා හෙළි වීමට පෙර සැකකරුවන්ට මීගමුව පොලිසිය මිනීමැරීමේ දෝදනා එල්ල කර රිමාන්ඞ්ගත කර ඇති බවත් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිලරි ලිවේරා මහතා පැවසීය’ සැකකරුවන් නීතියට පටහැනිව බන්ධනාගාර ගත කිරීම මගින් ඔවුන්ගේ මානව හිමිකම් දැනටමත් අහිමි වී ඇති බවත් එබැවින් සැකකරුවන් සුදුසු ඇප මත මුදාහරින ලෙසටත් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

 අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් සම`ග ජනාධිපති නීතිඥ ටිලන්ත වලලියද්ද මහතා ඇතුළු නීතිඥවරු පෙනී සිටියහ’ පැමිණිල්ල වෙනුවෙන් උප පොලිස් පරීක්‍ෂක හෂීම්” රෝහණ” සැරයන් නවරත්න බණ්ඩාර ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පෙනී සිටියහ’ මෙම නඩුවේදී දෙවන වරට පැවැත්වූ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැකකරුවන්ට එරෙහිව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට අත්‍යවශ්‍ය බැවින් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව කඩිනමින් කැඳවීමට පොලිසියට නියෝග කර වැඩිදුර විභාගය අගෝස්තු මස 24 වැනි දින දක්වා කල්තබා මෙහි සැකකරුවන් වන තිදරු මවක් වූ ඒ’ පුන්‍යා දීපානි අතුකෝරළ (52) නමැති මරණකරුගේ බිරිඳ සහ සේවක මුත්තුසාමි පලනියන්ඩි (52) නමැත්තවුන් අගෝස්තු මස 24 දා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයට පැමිණවීමට අධිකරණය නියෝග කළේය.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment