සාමකාමී විරෝධතා මර්දනය කරන පොලිසියට එරෙහිව අගවිනිසුරුට පැමිණිල්ලක්

91

සාමකාමීව විරෝධතා දැක්වීමට තමන් ඇතුළු රටේ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කරමින් පොලිසිය විසින් පොලිස් ආඥා පනත භාවිත කර බලහත්කාරයෙන් සාමකාමී විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම අයුතු ලෙස අධිකරණ නියෝග ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා නිදහස සුරැකීමේ සංවිධානයේ සභාපති මානව හිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මහතා අගවිනිසුරුවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ලබාදුන් තීන්දු මගින් රටේ ජනතාව සතු එම අයිතිය පොලිසිය උල්ලංඝනය නොකළ යුතු බවට පොලිස්පතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නිර්දේශ කර තිබියදීත් එකී නිර්දේශ පවා නොතකා දිගින් දිගටම ඒවා උල්ලංඝනය කිරීම් සිදුවන බව ද පෙන්වා දෙමින් එම පැමිණිල්ල ගොනු කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු හත් දෙනෙකු එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment