කුඩා වාහනයේ එන අගමැති ලේකම්ට ගේට්ටු ඇරෙන්නේ ප්‍රමාද වෙලා

82

වටිනාකමින් අඩු කුඩා වාහනයකින් සේවයට පැමිණෙන අගමැති ලේකම් සමන් ඒකනායක මහතාට කාර්යාල ගේට්ටුව විවෘත වීමට පසුගිය දින කිහිපයේ දී ප්‍රමාද වී ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

අගමැති ලේකම්වරයා වෙනුවෙන් සුඛෝපභෝගී මෝටර් රථ තුනක් තිබියදී ඔහු වියදම් අඩුකිරීම සඳහා ඇක්වා වර්ගයේ කුඩා මෝටර් රථයකින් අගමැති ලේකම් කාර්යාලයට පැමිණෙන අතර එහිදී වාහනයේ පැමිණෙන්නේ කවුදැයි නොදන්නා ආරක්‍ෂක නිලධාරීන් එම වාහනය පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වන බවද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment