යුක්‍රේනය පාපන්දු අවසාන තරගාවලියට පියවරක් පිටුපසින්

241

පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ යුක්‍රේනය සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 3-1ක ජයග්‍රහණයක් ලබාගැනීමට යුක්‍රේන කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයත් සමග පාපන්දු ලෝක කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා යුක්‍රේනයට අවශ්‍යව තිබෙන්නේ තවත් එක් තරග ජයග්‍රහණයක් පමණක් වන අතර එම තරගය අනිද්දා (05 වැනිදා) වේල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

රුසියානු යුද්ධයෙන් පීඩා විඳින යුක්‍රේන ජාතිකයන් මෙම ජයග්‍රහණයෙන් සතුටට පත්වූ බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment