ඉන්දියාව ලබා දී ඇති කොරෝනා එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය බිලියනය පනී

71

ඉන්දියාව ඉකුත් 21දා වන විට සිය රට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ එන්නත් කර ඇති කොරෝනා එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය බිලියනය ඉක්මවා ගිය බව නිවේදනය කර තිබේ. ඉන්දියාව ප‍්‍රථම කොරෝනා එන්නත් මාත‍්‍රාව ලබා දී ඇත්තේ ඉකුත් ජනවාරි මස 16 වැනිදා වන අතර එන්නත් මාත‍්‍රා බිලියනයක ප‍්‍රමාණය ලබා දීම සඳහා එරටට ගත වී ඇති කාලය දින 278කි.

 එරට මේ වන විට කොරෝනා එන්නත් ලබා දිය යුතු වන ජනගහනයෙන් සියයට 30කට (මිලියන 291කට පමණ) සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා දී ඇති අතර එක් එන්නත් මාත‍්‍රාවක් පමණක් ලබා දී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 707 කි. ඉන්දියාව මෙම වසර අවසන් වීමට පෙර බිලියනක ජනතාවකට සම්පූර්ණ කොරෝනා එන්නත් මාත‍්‍රාවන් ලබා දීමට ඉලක්ක කර ඇති අතර එම ඉලක්කය සපුරා ගැනීමට නම් දැනට වඩා වැඩි වේගයකින් එන්නත්කරණ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක විය යුතු බව විශේෂඥයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment