කීරි සම්බා හිඟයේ රහස හෙළිවෙයි: මෝල් හිමියන්ගේ වැඩ ගැන ලබන සතියේදී පියවරක් ගන්නවා – වෙළෙඳ ඇමැති නලින්

220

හාල් මෝල් හිමියන් ගබඩාකර තිබෙන කීරි සම්බා වැඩි මිලට ගැනීම තොග වෙළෙඳුන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන නිසා රට පුරා කීරි සම්බා හිඟයක් පවතින බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.

මෙම හාල් මෝල් හිමියන් සෑම වසරකම හාල් වැඩි මිලට විකිණීම සඳහා සැලසුම් කරන බව කී වෙළෙඳ ඇමැතිවරයා හාල් මෝල් හිමියන්ගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳව ලබන සතියේදී පියවරක් ගැනීමට තීරණය කළ බව ද පැවසීය.

හාල් මෝල් හිමියන් වෙතින් තොග වෙළෙඳුන් වැඩි මිලට හාල් මිලදී ගනු ලැබුවහොත් එම වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය ගනු ලබන තීන්දු තීරණ නිසා ඔවුන් අමාරුවේ නොවැටී සිටීම සඳහා වැඩි මිලට කිරී සම්බා මිලට ගැනීමට අකමැතිවී ඇතැය ිද වෙළෙඳ ඇමැතිවරයා පැවසීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment