ලංකා බැංකුවට Technovation Awards 2024 දී සම්මාන රැසක්

60

ශ්‍රී ලාංකේය ජනතාවගේ වඩාත් විශ්වාසය දිනාගත් ප්‍රමුඛතම බැංකුව වන ලංකා බැංකුව (BOC) ඩිජිටල් බැංකුකරණයේ සහ මූල්‍යමය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කරමින් සම්මාන රැසකින් පිදුම් ලැබීය.

LankaPay ආයතනය විසින් සංවිධානය කළ මෙරට කීර්තිමත් සම්මාන උළෙලක් වන Technovation Awards 2024 උළෙලේදී එම සම්මාන පිරිනමනු ලැබිණි. ‘ඩිජිටල් ගෙවීම් අංශයේ සමස්ථ විශිෂ්ටතා රන් සම්මානය’ ඇතුළුව සම්මාන හා ඇගැයීම් රැසක් එහිදී ලංකා බැංකුව දිනාගනු ලැබූවේ සිය සේවා විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි.

ඊට අමතරව Bank of the Year for Financial Inclusivity අංශයේ ‘ඒ කාණ්ඩයේ’ රන් සම්මානය, ‘ඒ’ කාණ්ඩය යටතේ Best Common ATM Enabler of the Year, රජයේ ඩිජිටල් ගෙවීම් සඳහා වන හොඳම බැංකුව, Best Bank for Retail Payments අංශයේ රිදී සම්මානය සහ රාජ්‍ය බැංකු කාණ්ඩයේ Most Popular Digital Payment Product අංශයේ කුසලතා සම්මානය Technovation Awards 2024 උළෙලේදී ලංකා බැංකුවට හිමිවිය. මෙම විශ්ෂ්ට ජයග්‍රහණ හරහා තහවුරු වන්නේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයට නවෝත්පාදන අංග හඳුන්වාදීමට සහ පාරිභෝගිකයන්ට වඩාත් ගැලපෙන විසඳුම් සැපයීමට ලංකා බැංකුවේ ඇති කැපවීමය. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වර්ධනය වන අවශ්‍යතා අති නවීන මූල්‍ය සේවා හරහා සැපිරීමට ලංකා බැංකුව දක්වන කැපවීම පිළිබඳ සාක්ෂියකි.

‘Technovation Awards හිදී අප ලද ඇගැයීම් තුළින් පිලිබිඹු වන්නේ නවෝත්පාදන අංග හඳුන්වාදීමටත් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට ඉහළම මට්ටමේ බැංකු විසඳුම් ලබාදීමටත් අපගේ සමස්ථ කාර්ය මණ්ඩලය සතු කැපවීම සහ නොපසුබට උත්සාහයයි. අපගේ සාර්ථකත්වයට ඉවහල් වූ සියලුම ගනුදෙනුකරුවන්ටත් පාර්ශ්වකරුවන්ටත් අතිශයින් ස්තූතිවන්ත වන්නෙමු.’ යැයි Technovation Awards 2024 උළෙලේ දී ලද ජයග්‍රහණ ගැන අදහස් දැක්වූ ලංකා බැංකුවේ මහා කළමණාකරු ඩබ්ලිව්. පී. රසල් ෆොන්සේකා මහතා පැවසීය.

LankaPay ආයතනය 2017 වසරේ දී ආරම්භ කරනු ලැබූ Technovation Awards සම්මාන උළෙල පිළිබඳව ද මෙහිදී සඳහන් කළ යුතුය. එය වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ තාක්ෂණික නවෝත්පාදනයේ පුරෝගාමීන් හඳුනාගැනීමේ වේදිකාවක් ලෙසයි. ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පාරිභෝගික පහසුව සඳහා කැපවීමෙන් කටයුතු කරන ආයතන හා පුද්ගලයින් සඳහා සම්මාන පිරිනැමීම Technovation Awards සම්මාන උළෙලේ ප්‍රමුඛතම අරමුණයි.

advertistmentadvertistment
advertistmentadvertistment